උතුරු පළාත් සභාවෙන් රජයට අභියෝග දෙකක්‌

කීර්ති වර්ණකුලසූරිය

උතුරු පළාත් සභාව ශ්‍රී ලංකා රජයට අභියෝග කරමින් යෝජනා දෙකක්‌ ඒකමතිකව සම්මත කර ඇත.

උතුරේ ආණ්‌ඩුකාර ජී. චන්ද්‍රසිරි මහතා ඉවත්කර ද්‍රවිඩ ජාතිකයකු පත්කරන ලෙසත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් ඉන් ඉල්ලා තිබේ.

ප්‍රභාකරන්ගේ සමීප ඥතියකු වන ජී. සිවාජිලිංගම් ඉදිරිපත් කළ මේ යෝජනා පළාත් සභා මන්ත්‍රී කේ. සරවෙස්‌ටරන් විසින් ස්‌ථිර කර ඇත.

උතුරේ ආණ්‌ඩුකාරවරයා ලෙස උතුරේ පදිංචිකරුවකු පත්කළ යුතු බවද ඉන් ඉල්ලා ඇත.

මේ අතර උතුරු පළාත් සභා ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.