විශේෂඥ වෛද්‍යවරයෙක්‌ ලෙස රඟපා
වැඩි පඩි ගත්ත අධ්‍යක්‌ෂකට වැඩ වරදී


ඒමන්ති මාරඹේ - චමින්ද සිල්වා

වසර 15 ක්‌ මුළුල්ලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට අයත් වැටුප ලබා ගනිමින් රුපියල් ලක්‍ෂ 30 ක මුදලක්‌ වංචනික අයුරින් ලබා ගත් විශේෂඥ වෛද්‍ය සුදුසුකම් නොමැති සෞඛ්‍ය ආයතනයක අධ්‍යක්‍ෂවරයෙකුට රුපියල් ලක්‍ෂ 20 ක මුදලක්‌ වාරික 60 කින් ගෙවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නියෝග කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

මෙසේ තමන් වංචනික ලෙස ලබාගත් මුදලට වඩා අඩු මුදලක්‌ දඬුවමක්‌ වශයෙන් ගෙවීමට සිදුව ඇති මෙම අධ්‍යක්‍ෂවරයාට එරෙහිව මෙතෙක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා නැතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

වසර 1997 සිට 2012 දක්‌වා මෙසේ වංචනික ලෙස විශේෂඥ වෛද්‍යවරයෙකුට හිමි වැටුප ලබාගත් අදාළ අධ්‍යක්‍ෂවරයාගේ මාසික වැටුපෙන් ඉහත කී මුදල අයකර ගැනීමට පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.