සංස්‌කරණය : නාරද නිශ්ශංක

අමරණීය ගායක ධර්මදාස වල්පොල



මෙම ලිපිය පළවන්නේ මෙම මස 25 දිනට යෙදෙන ධර්මදාස වල්පොල මහතාගේ 30 වන ගුණ සැමරුම වෙනුවෙනි.

1927 නොවැම්බර් 28 දා මහනුවර දෙයියන්නෙවෙල නම් අති සුන්දර වටපිටාවකින් යුතු ගැමි පළාතක ඉපදී 1983 නත්තල් මංගල්‍යය දිනයේදී දිවි සිනමාවෙන් සමුගත් ධර්මදාස වල්පොල රන් ස්‌වරය සිංහල චිත්‍රපට සිය ගණනකට ප්‍රාණය දායාද කළේයá

ටවර් හෝල් නාට්‍යවල රංග වස්‌ත්‍ර නිර්මාණකරුවකු වූ චාර්ලිස්‌ අප්පුහාමි ධර්මදාස වල්පොලයන්ගේ පියතුමා විය. මවුතුමිය කරුණාවතී මහත්මියයි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා වයය අවුරුදු 07 දී ගීත ගායනයට පිවිසියේය. මුලින්ම නාට්‍යාචාර්ය ඡේමිස්‌ පෙරේරා මහතාගෙන් "ස,රි,ග,ම,ප" කියා පාඩම උගත්තේය. නුවර පෙරහැර කාලෙට තම පියා සමඟ නාඩගම්වල ගීත කීවේය. පියා හොඳ සංගීතඥයෙකි. සමුද්‍රදේවී නාට්‍යයේ ධර්මපාල කුඹුරුගේ ළමාවිය වෙනුවෙන් ධර්මදාස වල්පොල රංගනයේ යෙදුනි.

ඊට පසු කොළඹ පැමිණි මොහුගේ ජීවිතය බොහෝ දුරට වෙනස්‌ විය. කොළඹට පැමිණ ලයනල් පෙරේරා මාස්‌ටර්ගෙන් මුලින්ම සංගීතය ප්‍රගුණ කළේය. ආර්. ඒ. චන්ද්‍රසේන බඳු ගුරුවරුන් වෙතින් යම් යම් ගුරු හරුකම් ලබාගත්තත් ක්‍රමානුකූල ශාස්‌ත්‍රීය පුහුණුවක්‌ නොලැබිණි. එහිදී ජී. එස්‌. බී. රාණි සමඟ "තොටියෝ තොටියෝ" යන ගීතය මුලින්ම තැටි ගත කළේය. මරදාන ප්‍රමුඛ අගනුවර, කලා ශිල්පීන්ට ශිල්පී ඥනය ලැබුණු ක්‍රමයක්‌ ලෙස සංගීත කාමර සම්ප්‍රදාය හැඳින්විය යුතුය. එච්. ආර්. ජෝතිපාල, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා, බෙග් මාස්‌ටර් සේම ධර්මදාස වල්පොලද මෙම සංගීත කාමර සම්ප්‍රදායේ පිහිට ලැබීය.

1953 ප්‍රේම තරගය චිත්‍රපටයට ලතා සමඟ "හොඳ හොඳම වේය ලොව" යන ගීතය ගයමින් ධර්මදාස වල්පොල සිනමා පසුබිම් ගායනයට එක්‌විය. ප්‍රේම තරගය චිත්‍රපටය මෙම දෙපලගේ ජීවිත විශේෂ සංධිස්‌ථානයක්‌ ඇති කළා විය හැක. ප්‍රේම තරගයට පස්‌සෙ ලතා සහ ධර්මදාස ආදරය ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගත්තේය. ඒ දිනවල චිත්‍රපට පසුබිම් ගායනය පිණිස දිගටම මදුරාසිය බලා යැමට සිදුවිය. ඔහු ගැයූ ගීත සම්භාරය අදටද එකසේ මිහිරිය. ඔහුගේ හඬ ඕනෑම නළුවකුට ගැලපෙන විරල හඬකි. "ප්‍රේම තරගය, "එදා රෑ", පුදුමලේලි¾ "මාතලන්", "පුරුෂ රත්නය", "සොහොයුරෝ", "ඩිංගිරි මැණිකා", "රදල පිළිරුව", දුප්පතාගේ දුක" ඉන් කිහිපයකි. 1958 දී ලතා සමඟ විවාහ වූ ධර්මදාස සංගීතයටම සිය දිවිය කැප කළේය. චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඔහු හැඟීම් බර ජනප්‍රිය යුග ගීත ගායනයෙහි උපන් හපන්කම් ඇත්තෙකි. තම සහාය ගායිකාවන්ගේ හඬ අභිභවා නොයනසේ හඬ මනාව පාලනය කරමින් ඔහු අපූරු ගායන ශෛලියක්‌ හඳුන්වා දුන්නේය. ධර්මදාස වල්පොල විවිධ ගායිකාවන් සමඟ ගැයූ ජනප්‍රිය යුග ගී සවල්පයක්‌ සිහිපත් කරමු. "සුනීතා" චිත්‍රපටයේ දක්‍ෂිණ මූර්ති සංගීතවත් කළ කේ. රාණි සමඟ ගැයූ "පෙම් රැල්ල නගී" සැඬ සුළං චිත්‍රපටයේ දක්‍ෂිණ මූර්ති සංගීතවත් කළ "කේ රාණි සමඟ ගයන" සොමිබර පෙම් රැළි" දොස්‌තර චිත්‍රපටයේ රුක්‌මනී දේවී සමගින් "වාසනාවන්ත කල ලබා" සුරසේන චිත්‍රපටයේ ලතා සමඟ "ආනන්ද ශ්‍රීය වෑහේ" සංදේශය චිත්‍රපටයේ "කටේ කිරි සුවඳ" ආදී තවත් ගීත රාශියකි.

අදින් වසර 30 කට ඉහත සිදුවූ ඔහුගේ මරණයෙන් පසු දැසම දන්දුන් ධර්මදාස වල්පොලගේ දෙනෙතින් ලොව දකින දෙදෙනකු තවමත් ඉන්දියාවේ ජීවත්වන බව අප අසා ඇත.

ඔබගේ පෙම් හඬ මැකී ගියත්a, ගීතය, සංගීතය, ආත්මය කොට ජීවත්වූ මේ මහා ගායකයාට නිවන් පුර දොරටු විවර වීමට මත්තෙන් යළිදු එක්‌ වරක්‌ හෝ මේ සිරිලක්‌ දෙරණේ යළි ඉපදෙන්නට හේතුවාසනා වේවා.

සටහන පූගොඩ, බංගලාවත්ත. අංක 180/01, ඒ. වී. කරුණාදාස

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.