සංස්‌කරණය : නාරද නිශ්ශංක

විශාරද දීපිකාගෙන් සොඳුරු ඇරැයුමක්‌..!

රස වින්දනයෙන් හා සංගීත ඥනයෙන් පිරිපුන් පරපුරක්‌ බිහි කිරීමේ අරමුණින් ප්‍රවීණ ගායන ශිල්පිණි විශාරද දීපිකා ප්‍රියදර්ශනී මෙහෙයවන "සෞන්දර්ය ශාලිකාව" සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවලදී සිදු කෙරෙන අතර ඔබගේ අයෑදුම්පත් 2014 ජනවාරි 31 වැනි දිනට පෙර නොපමාව මතු දැක්‌වෙන ලිපිනයට ලිපි මගින් හෝ ඊමේල් මගින් යොමුකළ හැකිය.

සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 3.00 දක්‌වා භාත්ඛණ්‌ඩ සංගීත විද්‍යා පීඨය මගින් මෙහෙයවන ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යම සහ සංගීත විශාරද යනාදී අංශ සඳහා පන්ති පැවැත්වෙන අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් ගායනය හා වාදනය පිළිබඳ පුහුණු පන්ති ද වාදන අංශයෙන් වයලීන්, සිතාර්, තබ්ලා, බටනලා, ඕගන්, ගිටාර, පියානෝ යනාදී වාද්‍ය භාණ්‌ඩ පිළිබඳ පුහුණු පන්ති ද පැවැත්වේ. එසේම සතියේ දිනවල අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උසස්‌ පෙළ) විභාගය සඳහා ද පන්ති ආරම්භ වේ. වැඩි විස්‌තර සඳහා මතු දැක්‌වෙන ලිපිනයෙන් හෝ දුරකථන අංකයෙන් විමසීම් කළ හැකිය. අධ්‍යක්‍ෂිකා, විශාරද දීපිකා ප්‍රියදර්ශනී සෞන්දර්ය ශාලිකාව, අංක 12/1, එස්‌. ද එස්‌. ජයසිංහ මාවත, කළුබෝවිල, දෙහිවල. දු. ක. 0714476354. ඊ.මේල් deepikapriya@hotmail.com පසුගියදා පිලිපීනයේ ගුසි (GUSI) ජාත්‍යන්තර සාම සම්මානයෙන් ද පිදුම් ලැබූ ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රපති (M.A.) උපාධිධාරිනියක්‌ ද වේ.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.