මැන්ඩෙලා පවුලේ බරපතළ අර්බුදයක්‌



හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ පවුලේ අය අතර බරපතළ අර්බුදයක්‌ ඇති වී ඇත.

මේ බව සනාථ වී ඇත්තේ මැන්ඩෙලාගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර ඥාතීහු විසින් මුනුබුරු මන්ඩලා මැන්ඩෙලාව කූණු ගම්මානයේ නිවසක දමා එම නිවසට අගුල් දැමීමයි.

මන්ඩලා මැන්ඩෙලා සිව් දිනක්‌ තිස්‌සේ එම නිවසේ සිරගත වී සිටි බව දකුණු අප්‍රිකානු මාධ්‍ය පවසයි. මැන්ඩෙලාගේ වැඩිමහල් දියණිය මැකෙන්සි ඊට සම්බන්ධ යෑයි කියති.

මේ අතර මන්ඩලාගේ නිවසේ ජල සැපයුම හා විදුලිය පසුගිය සෙනසුරාදා සිට කපා හැර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.