ඉන්දීය තානාපති නිලධාරිනිය
ඇමරිකාවේ සිට ගෙන්වා ගැනීමට ක්‍රියාකරනවා

- විදේශ ඇමැති සල්මන් කුර්ෂිද්

ඇමරිකාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මුද්‍රdහරිනු ලැබූ දෙව්යානි කොබ්රගේඩ් නැමැති තානාපති නිලධාරිනිය ඉන්දියාවට ගෙන ඒමට ක්‍රියා කරන බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති සල්මන් කුර්ෂිද් පැවසීය.

තමාට ඒ වගකීම ඉටු කිරීමට නොහැකි වුවොත් පාර්ලිමේන්තුවට එන්නේ නැතැයි ඔහු කියා සිටියේය.

ඉන්දීය තානාපති නිලධාරිනියට එරෙහිව කුමන්ත්‍රණයක්‌ දියත් වී ඇතැයිද හෙතෙම පළ කළේය.

මේ අතර ඉන්දියාවේ සිටින ඇමරිකානු තානාපති නිලධාරීන්ට ලබාදී තිබූ වරප්‍රසාද ඉන්දීය රජය ඉවත් කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.