2013 දෙසැම්බර් 20 සිකුරාදා

 

 
   
   Divaina Editor
   Webmaster
   

පහේ ශිෂ්‍යත්වය ඉවරයි!
2016 සිට සාධන දැනුම මනී-ජනප්‍රිය පාසල් හඹා යැමක්‌ නෑ

එම වසරේ සිට පහ ශේ්‍රණියේ දරුවන්ගේ සාධන මට්‌ටම මැනීම සඳහා පමණක්‌ විභාගයක්‌ පවත්වන බවද එය කිසිසේත්ම ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරා ගැනෙන තරගකාරී විභාගයක්‌ නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

දැරිය අපහරණය කළ හිටපු සෙබළා වසර 87ක්‌ හිර ගෙට

නව වැනි වසරේ ඉගෙනුම ලැබූ දහතුන් හැවිරිදි බාල වයස්‌කාර පාසල් සිසුවියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට කෙලෙසීම සම්බන්ධයෙන් චෝදනා හයක්‌ යටතේ අධි චෝදනා ලබා සිටි හිටපු යුද හමුදා සෙබළෙකු එකී චෝදනා වලට වරද පිළිගැනීමෙන් පසු...

අද 'නැටුවොත්' සා.පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන අද (20) දිනයේ කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටුවන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්ප කුමාර මහතා පැවසීය.

ජනපති 22 දා බස්‌නාහිර දකුණ සන්ධාන මන්ත්‍රීන් හමුවෙයි

පළාත් සභා දෙක විසුරුවා හැරීම සම්බන්ධයෙන් දුන් තීරණය දැනුම් දීමට හා මැතිවරණ කටයුතු සම්බන්ධ යෙන් සාකච්ඡා කිරීමට ඔවුන් මෙලෙස කැඳවා ඇත.

අයවැය තෙවැනි වර ඡන්ද විමසීම අද

විවාදය අද අවසන් වූ පසුව සවස 6.00 ට අවසන් ඡන්ද විමසීම සිදුකෙරේ.

මැලේසියාවත් දෙකඩ කිරීමට කොටි සූදානමක්‌!

මැලේසියාවේ ජනතාවට ත්‍රස්‌ත වාදය කෙරේ විශ්වාසයක්‌ ඇති කිරීමට මොවුන් උත්සාහ කර තිබෙනවා.

අප කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්නයි
කිසි දිනක දේශපාලනය කරන්නේ නෑ

- මැල්කම් රංජිත් කාදිනල්තුමා

උතුරු නැගෙනහිර පමණක්‌ නොව ඕනෑම පළාතක ජනතාවගේ ප්‍රශ්න අප සොයා බැලිය යුතුයි. ඒවා දේශපාලන ප්‍රශ්න නොවෙයි. සමහරු ඒ පිළිබඳව වැරදි වැටහීමක්‌ ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ.


පවතින රජය සමග හැපෙන්න ගියොත්
තැලෙන්නේ මහජන තාවයි
- කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල්

මේ ජයග්‍රහණය මුළු රටටම ආදර්ශයක්‌ කොළඹ මේ තරම් සුන්දර නගරයක්‌ කිරීමට ජනාධිපති, ආරක්‍ෂක ලේකම් නාගරික සංවර්ධන අමාත්‍යාංශය විශාල වැඩකොටසක්‌ කළා.


හිසේ තොප්පි පැළඳ හිජාබ් මුහුණු ආවරණ සහිතව හැඳුනුම්පත් නෑ

ඉන්දියාවේවත් හිජාබ් මුහුණු ආවරණයන්ට හැඳුනුම්පත් නිකුත් කරන්නේ නැහැ. ප්‍රංශය හිජාබ් මුහුණු ආවරණ තහනම් කරලා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

බිරිඳ සමග නිවසේ සිටි
අනියම් සැමියාට පහරදුන් සැමියාට ඇප

අනියම් සැමියා සමඟ සිය බිරිඳ නිවසේ ආලින්දයේ සතුටු සාමිචියේ යෙදී සිටියදී හදිසියේම ස්‌වාමිපුරුෂයා පැමිණීමෙන් පිටුපස දොරෙන් පලාගිය පුද්ගලයාට පන්න පන්නා පිහියකින් පහරදී....

නදීශා හේමමාලි එජාපයෙන් තරග කරන්න අයෑදුම් කරයි

සිය පවුලේ දේශපාලන මතය අනුව එජාපය යටතේ දකුණු පළාත් සභාවට තරග කිරීමට අදහස්‌ කරන බවද ඈ "දිවයින"ට පැවසුවාය.

සජිත් දකුණේ මහ ඇමැති තරගයට එනවානම් මමත් බස්‌නාහිර පළාතට තරග කරනවා
- රවි කරුණානායක (එජාප)

එවැනි කැපකිරීමක්‌ කිරීම මගින් යම් වෙනසක්‌ කිරීමට හැකිවනු ඇතැයි තමා සිතන බවත් ජාත්‍යන්තර සහයෝගයත් ලබාගෙන කිසිවකුට දණ නොනමන යුගයක්‌ ඇති කිරීමට හැකි බවත් හෙතෙම කියා සිටියේය.

පෑන් කොපුව උගුරේ සිර වී හත් හැවිරිදි දරුවා මරුට

සිය එකොළොස්‌ හැවිරිදි වැඩිමහල් සහෝදරිය සමග සෙල්ලම් කරමින් සිටි හත් හැවිරිදි දරුවකු පෑන් විල්ලක්‌ (කොපුවක්‌) උගුරේ හිරවී මරණයට පත්ව ඇත.

'දිවයින'  සැනෙකින් පුවත්

අම්මා රට ගිහින්,
තාත්තා අතුරුදන්
නිවසක තනිව කුසගින්නේ සිටි
දරු පස්‌දෙනා පොලිසිය භාරයට


මවුපිය රැකවරණය සහ සෙනෙහස නොමැතිව එප්පාවල මහ ඉලුප් පල්ලම ප්‍රදේශයේ නිවසක දින පහක කාලයක්‌ තිස්‌ සේ නිරාහාරව, කුසගින්නේ අසරණව සිටි අවුරුදු තුනත්, දහහතරත් අතර..

ගායක අමල් පොලිසි එයි
කොස්‌ගොඩ පොලිසියට පිටු 7ක කටඋත්තරයක්‌


කොස්‌ගොඩ සුදු කැස්‌බෑවා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධව (19)  කොස්‌ ගොඩ පොලිසියට නීතිඥ වරුන් තිදෙනකු සමග පැමිණි ගායන ශිල්පි අමල් පෙරේරා මහතා පැය දෙක හමාරක වේලාවක්‌ තම නිර්දොaෂීභාවය ගැන කට උත්තරයක්‌ ලබා දුන්නේය.

ගැහැනු ඇනකොණ්‌ඩා පිරිමියා ගිල දමයි

ගිල දැමූ පිරිමි ඇනකොණ්‌ඩා දිගින් අඩි 12 ක්‌ පමණ වන අතර ගැහැනුq සත්ත්වයා දිග අඩි 15 කි. ගැහැනු සත්ත් වයා විසින් තම සහකරු ගිල දමනු ලැබ ඇත්තේ අධික කුසගින්න නිසා විය හැකි බව සත්ත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි.


උසස්‌ පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා

පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ද ඇතුළුව තුන් ලක්‍ෂයකට අධික පිරිසක්‌ මෙම විභාගය සඳහා පෙනී සිටියහ.

තමිල්නාඩුවේ බල පෑමෙන් සතුන් වත්තේ සත්ව
හුවමාරුවත් නවතී

කෙසේ වූවද සත්ව හුවමාරු වැඩසටහන් වලදී ඉතිහාසය පුරාවටම දෙහිවල ජාතික සත්වෝ ද්‍යානය අවාසි සහගත තත්ත්වයක්‌ භුක්‌ති විඳ ඇති අතර මෙවරද එවන් තත්ත්වයක්‌ නිර්මාණය වී තිබිණි.

ප්‍රදීප් නඩුව
මාර්තු 19 දා

නීති විරෝධී ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් යොදා ගනිමින් ද ෆිනෑන්ස්‌ සමාගමේ කොටස්‌ මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධ යෙන් චෝදනාවන්ට එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා..

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක
සරත් ෆොන්සේකා 63 වැනි ජන්ම දිනය සමරමින්


පින්කම අවසානයේ සරත් ෆොන්සේකා මහතාගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතීමේ අවස්‌ථාවටද විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ.

අයවැය පැරදවූ ශ්‍රීලනිප මන්ත්‍රීන් ගෙන් නිදහසට කරුණු අසයි

අයවැය පරාජය කිරීමට ඡන්දය දුන් සියලු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් දැනට සිටින තනතුරුවලින් නෙරපා හැරීමටත් තීරණය කළ බව පක්‍ෂ ලේකම් මෛත්‍රි පාල සිරිසේන මහතා කියා සිටී.

සකල ලෝකවාසී ක්‍රිස්‌තු බැතිමතුන් විසින් ඉමහත් භක්‌ත්‍යාදරයෙන් සමරනු ලබන නත්තල් උළෙල උදා වීමට තවත් ඇත්තේ හරියටම දින පහකි.

බූරු පිටිය වැටලීමට ගිය පොලිස්‌ නිලධාරීන්ට
නිරුවත පෙන්වූ කතුන් තිදෙනා ඇතුළු පස්‌දෙනාට ඇප

පොලිස්‌ නිලධාරීන්ට වැටලීමට බාධා කරමින් 'හූ' කියමින් නිරුවතින් යකා නටා රිමාන්ඩ්භාරයේ පසු වූ කාන්තාවන් තිදෙනකු සහ පිරිමින් පස්‌දෙනකු රුපියල් 5000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙක....

  • සදා ඔබේ ගිම්
    බෙදා ගනිමි මම් ජීවිතයේ...

    මිනිසුන්ගේ හදවත් මෘදු විය යුතුයි. අනෙකා ගැන හිතන සමාජයක්‌, සංවේදී සිත් ඇත්තන් පිරි රටක්‌ හදන්න නම් මිනිසාගේ හදවතට කතා කළ යුතුයි. රසයෙන් අර්ථයෙන් මෙන්ම භාවයෙන් පිරි ගීයකට මෙය කළ හැකියි.

  • "දෝණි" සැම හදවත් සංවේදී
    කරන චිත්‍රපටයක්‌

    - ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු

    "වැඩිහිටියන්ට පමණයි" කියන ලේබලයේ චිත්‍රපට හැදීම මම දැන් නතර කළා. කොහොමටත් මිනිස්‌සුන්ගේ ඒ "ටේස්‌ට්‌ එක" දැන් නෑ. දැන් අපේ මිනිස්‌සු බලන්න පුරුදුව ඉන්නේ පවුලේ කතා සහ අපේ ඉතිහාසය ගැන කියෑවෙන කතා.

  • දෙවැනි එක්‌දින තරගය අද
    පිතිකරුවන්ගේ දක්‍ෂතා ගැන
    සතුටු වියහැකියි
    - මැතිව්ස්‌

    'මේ තරගය ඉතාම විශිෂ්ඨ තරගයක්‌ වූ බවට ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. විශේෂයෙන්ම සික්‌කුගේ සහ සේනානායක පන්දුවට පහරදීමේදී දක්‌වන ලද දක්‍ෂතා පිළිබඳව. එය ඉතාමත් සටන්කාමී සම්බන්ධතාවක්‌. කොහොම වුණත් අපේ පිතිකරුවන් මේ තරගයේදී දක්‌වන ලද දක්‍ෂතා පිළිබඳව සතුටට පත්වෙනවා'


 

Kapruka Shopping |  News


liya





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.