ගායක අමල් පොලිසි එයි
කොස්‌ගොඩ පොලිසියට පිටු 7ක කටඋත්තරයක්‌

අහුන්ගල්ලේ - කමල් ශ්‍රී ලියනගේ සහ කොස්‌ගොඩ - සේනක ප්‍රියදර්ශන



කොස්‌ගොඩ සුදු කැස්‌බෑවා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධව ඊයේ (19 වැනිදා) පෙරවරුවේ කොස්‌ගොඩ පොලිසියට නීතිඥවරුන් තිදෙනකු සමග පැමිණි ගායන ශිල්පි අමල් පෙරේරා මහතා පැය දෙක හමාරක වේලාවක්‌ තම නිර්දොaෂීභාවය ගැන කට උත්තරයක්‌ ලබාදුන්නේය.

අමල් පෙරේරා සමග සංජීව සෙනෙවිරත්න, ශාබ්දික වෙල්ලප්පිලි, ලිලාන් අමරකෝන් යන නීතිඥවරුන් තිදෙනා ද ඔහුගේ සොහොයුරු යොහාන් පෙරේරා ඇතුළු මිතුරන් පිරිසක්‌ ද පොලිසියට පැමිණ සිටියහ.

කොස්‌ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. ලාල් උඩුගමගේ මහතාගේ නිල කාමරයට පැමිණි ඔහු ඇතුළු නීතිඥ මහත්වරුන් කතාබහක නිරත විය.

පුරා පැය දෙක හමාරක කාලයක්‌ තුළ පිටු හතකින් යුතුව ගායක අමල් පෙරේරාගේ ප්‍රකාශය සටහන් කරගත් බව පො.ප. ජනක සොයිසා මහතා පැවසීය. කැස්‌බෑවා සොරකම් කිරීම සම්බන්ධව ඔහුගේ නිර්දොaෂීභාවය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස ප්‍රකාශ කළ බවද හෙතෙම කීය.

මෙහිදී ගායක අමල් පෙරේරා මහතා අප සමග මෙසේ කීය.

මට සාධාරණය ඉටු කරලා දෙන ලෙස ඉල්ලනවා. මෙම කැස්‌බෑවා සොරකම් කිරීම සම්බන්ධව මගේ කිසි සම්බන්ධයක්‌ නැහැ. මම මගේ මිත්‍රයකු වන චන්ද්‍රසිරි අබ්‍රේව් ගෙන් වතා දෙකක්‌ මේ කැස්‌බෑවා මුදලට ඉල්ලුවා. ඒත් කිසිම දවසක මුදල් රැගෙන ඔහු හමුවෙන්න ගියේ නැහැ.

වසර 22 ක පමණ කාලයක සිට චන්ද්‍රසිරි අබ්‍රේව් මගේ මිත්‍රයෙක්‌. ඔහුගේ නිවසේ පැවති ප්‍රිය සාදයන්ට මාත් මගේ සංගීත කණ්‌ඩායමත් කීප විටක්‌ම සම්බන්ධ වුණා. මේ සම්බන්ධතා මත මගේ මිත්‍රයකුගේ අපලයකට ඔය කියන සුදු කැස්‌බෑවා ඉල්ලුවා. ඔහු බැහැ කීවා. මා නිහඬ වුණා. ඊට අමතරව මේ ගැන මං මොකුත් දන්නේ නැහැ.

නීතිඥ සංජීව සෙනෙවිරත්න - තව සතියකින් දෙකකින් කැස්‌බෑවා සොරකමේ සත්‍ය කතාව හෙළිවේවි. මේ සොරකම පිටුපස රටේ ප්‍රබල අය ඉන්නවා. අපට අවශ්‍ය අමල් පෙරේරා මේකට සම්බන්ධ නැති බව පෙන්වීමටයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.