ගැහැනු ඇනකොණ්‌ඩා පිරිමියා ගිල දමයි
පිරිමියාගේ දිග අඩි 12යි - ගැහැනුq සත්ත්වයා දිගින් අඩි 15 යි

ජගත් කණහැරආරච්චි - ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්



දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ විසූ ඇනකොණ්‌ඩා ගැහැනුq සත්ත්වයා පෙරේදා (17 දා) රාත්‍රී තම සහකරු සම්පූර්ණයෙන්ම ගිල දමා ඇත.

ගිල දැමූ පිරිමි ඇනකොණ්‌ඩා දිගින් අඩි 12 ක්‌ පමණ වන අතර ගැහැනුq සත්ත්වයා දිග අඩි 15 කි. ගැහැනු සත්ත්වයා විසින් තම සහකරු ගිල දමනු ලැබ ඇත්තේ අධික කුසගින්න නිසා විය හැකි බව සත්ත්වෝද්‍යාන ආරංචි මාර්ග පවසයි.

ආරම්භයේදී මෙම ඇනකොණ්‌ඩාවන්ට දෙසතියකට වරක්‌ බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් 15 දෙනකු ආහාර වශයෙන් ලබා දුන්නද පසුව එම ආහාර වේල දෙසතියකට කිලෝ ග්‍රෑම් එකහමාරේ කුකුළන් තිදෙනකුට සීමා වී තිබූ බව ද එම ආරංචි මාර්ග කියා සිටී.

තනි කූඩුවක්‌ තුළ රඳවා සිටි මෙම දැවැන්ත සර්පයන් දෙදෙනාට ඉඩකඩ ප්‍රමාණවත් නොවූ බවද අඩි 15Ü8 ප්‍රමාණයේ කූඩුව තුළ සිදුවන පහරදීම්වලදී බේරී පලා යැමට දුර්වලයාට කිසිදු අවස්‌ථාවක්‌ නොවන බවද එකී ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

2013 වසරේදී චෙක්‌ සමූහාණ්‌ඩුවෙන් ගෙන්වන ලද මෙම ඇනකොණ්‌ඩා යුවළ වාර හතරකදී පැටවුන් බිහි කර ඇත.

පිරිමි ඇනකොණ්‌ඩා සත්වයා ගිල දැමීම නිසා ආහාරය දිරවීම පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් එම ගැහැනු ඇනකොණ්‌ඩා සත්වයාගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතින බවද දැන ගැනීsමට ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.