අද 'නැටුවොත්' සා.පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

නිලන්ත මදුරාවල

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන අද (20 වැනිදා) දිනයේ කලහකාරී ලෙස හැසිරෙන සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටුවන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

විභාගය අවසන් වීමෙන් පසුව කලහකාරී ලෙස හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස්‌ ජංගම මුර සේවයක්‌ ක්‍රියාත්මක කෙරෙන බවද ඒ මහතා කීවේය.

විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (19 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.

විභාග පනතින් තමාට පැවරී ඇති බලතල අනුව එවැනි සිසුන්ගේ ප්‍රතිඵල අත්හිටුවා පසුව පවත්වන පරීක්‍ෂණයකින් පසුව අවශ්‍ය නම් ප්‍රතිඵල නතර කළ හැකි යෑයිද ඒ මහතා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.