ජනපති 22 දා බස්‌නාහිර දකුණ
සන්ධාන මන්ත්‍රීන් හමුවෙයි


අනුර බාලසූරිය

මෙම මස අවසානයේ විසුරුවා හැරෙන බස්‌නාහිර හා දකුණු පළාත් සභා දෙකෙහි මහ ඇමැතිවරුන් ඇතුළු සන්ධානයේ සියලු මැති ඇමැතිවරුන් ලබන 22 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැඳවා තිබේ.

එදින පස්‌වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා එම මැති ඇමැතිවරු හමුවීමට නියමිතය.

පෙරේදා (18 දා) රැස්‌වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන විධායක සභාවේදී හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සමස්‌ත ලංකා කාරක සභා රැස්‌වීමේදී පළාත් සභා දෙක විසුරුවා හැරීම සම්බන්ධයෙන් දුන් තීරණය දැනුම් දීමට හා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන් මෙලෙස කැඳවා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.