අයවැය තෙවැනි වර ඡන්ද විමසීම අද

අජිත් අලහකෝන්, අකිත පෙරේරා

2014 අයවැය තෙවැනි වර ඡන්ද විමසීම අද (20 වැනිදා) සවස 6.00 ට පාර්ලිමේන්තුවේදී සිදුකෙරේ.

ජනාධිපතිවරයා පසුගිය මස 21 වැනිදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99 කින් සම්මත විය. එජාපය, දෙමළ ජාතික සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එදින අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

අනතුරුව දෙසැම්බර් 2 දා දක්‌වා අයවැය විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්‌ථාවේ විවාදය ආරම්භ විය. අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ මෙම විවාදය අද මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ විවාදය සමගින් අවසන් කෙරේ.

විවාදය අද අවසන් වූ පසුව සවස 6.00 ට අවසන් ඡන්ද විමසීම සිදුකෙරේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.