උසස්‌ පෙළ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා

නිලන්ත මදුරාවල

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (21 වැනිදා) හෝ අනිද්දා (22 වැනිදා) නිකුත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

ඉසඩ් අගයේ නිවැරැදිතාව තහවුරු කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද මහාචාර්යවරුන් තිදෙනාගෙන් යුත් කමිටුව ඊයේ (19 වැනිදා) වනවිට ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් පැවැති බවද එම ආරංචි මාර්ග කීවේය.

පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් ද ඇතුළුව තුන් ලක්‍ෂයකට අධික පිරිසක්‌ මෙම විභාගය සඳහා පෙනී සිටියහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.