අප කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්නයි
කිසි දිනක දේශපාලනය කරන්නේ නෑ

- මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහඩවන

තමා හෝ රදගුරුවරුන් කිසිවිටක දේශපාලනය කරන්නේ නැතැයි ද අප කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න යෑයි ද කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළහ.

මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දුන් කාදිනල්තුමා මෙසේද කීය.

උතුරු නැගෙනහිර පමණක්‌ නොව ඕනෑම පළාතක ජනතාවගේ ප්‍රශ්න අප සොයා බැලිය යුතුයි. ඒවා දේශපාලන ප්‍රශ්න නොවෙයි. සමහරු ඒ පිළිබඳව වැරදි වැටහීමක්‌ ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ.

නත්තල් උළෙල සිහිපත් කෙරෙන මේ යුගයේ මරියතුමිය පිළිබඳව අප කතා කළ යුතුයි. එතුමිය අති උදාර සේවයක්‌ සිදු කළා. මරියතුමියගේ ජීවිතය අද කාන්තාවෝද ආදර්ශයට ගත යුතුයි.

අද සමහර කාන්තාවන් වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට යොදා ගෙන තිබෙනවා. එම ක්‍රියා මාර්ගය අප අනුමත කරන්නේ නැහැ.

නත්තල් උළෙල දිළිඳු ජනතාව වෙනුවෙන් කැප කළ යුතුයි. වෙළෙඳ අධිකාරිය නත්තල විවිධ විච්චූර්ණවලට ලක්‌ කිරීම පිළිගන්නේ නැහැ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.