ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක සරත්
ෆොන්සේකා 63 වැනි ජන්ම දිනය සමරමින්


සචිත්‍ර ඇල්වලගේ සහ නන්දලාල් සමරවීර - කැලණිය අතිරේක



ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ 63 වැනි ජන්ම දිනය නිමිත්තෙන් (18 වැනිදා) පස්‌වරුවේ කැලණිය රාජමහා විහාරස්‌ථානයේදී ඒ මහතාට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක්‌ පැවැත්විණි.

එහිදී කැලණි රාජමහා විහාරවාසී පූජ්‍ය ඇටම්පිටියේ හේමවංශ හිමියන් ප්‍රමුඛව ප්‍රජාතන්ත්‍රවාදී භික්‍ෂු සංවිධානයේ මහ ලේකම් බියගම සුසීල, ජාතික සංවිධායක වන විමලරතන, ප්‍රචාරක ලේකම් දිවුරුම්වල විනීත, බත්තරමුල්ලේ සීලරතන යන ස්‌වාමින්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විසින් මෙම ආශිර්වාද පූජා පින්කම මෙහෙයවන ලදී.



එම පක්‍ෂයේ සාමාජික සාමාජිකාවන් දහස්‌ ගණනකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම පින්කමට අනෝමා ෆොන්සේකා මහත්මිය, සරත් ෆොන්සේකා මහතාගේ දියණියක වන අප්සරා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්‍ෂයේ අවිස්‌සාවේල්ල සංවිධායක නිමල් ආර්. පීරිස්‌, කොළොන්නාව ආසන සංවිධායක සුසිල් කිඳල්පිටිය, ජාතික සංවිධායක ගයාන් විතාන, කැලණිය ආසන සංවිධායකවරුන් වන සංජීව දිසානායක, ඇසල රාහුල, මාධ්‍ය සම්බන්ධීකාරක සංජීව සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

එම ආශිර්වාද පින්කමේ අවස්‌ථා කීපයක්‌ ඡායාරූපවල දැක්‌වෙන අතර පින්කම අවසානයේ සරත් ෆොන්සේකා මහතාගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතීමේ අවස්‌ථාවටද විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ.

පිංතූර - වාසල සේනාරත්න
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.