පවතින රජය සමග හැපෙන්න ගියොත්
තැලෙන්නේ මහජනතාවයි

- කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල්

චමින්ද සිල්වා



පවතින රජය සමග හැප්පිලා දේශපාලනය කරන්න ගියහොත් ඉන් තැලෙන්නේ ජනතාව යෑයි කොළඹ මහා නගර සභාවේ නගරාධිපති (එජාප) ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතා පෙරේදා (18 වැනිදා) පැවසීය.

නගරාධිපතිවරයා මේ බව කියා සිටියේ ඉකුත් 17 වැනිදා 2014 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය ජනතා විමුක්‌ති පෙරමුණ මන්ත්‍රීවරයා හැර අන් සියලු මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් සම්මතවීම පිළිබඳ ඊයේ (18 වැනිදා) මාධ්‍ය හමුවක්‌ පවත්වමිනි.

මෙහිදී නගරාධිපතිවරයා මෙසේද කීය.

මේ ජයග්‍රහණය මුළු රටටම ආදර්ශයක්‌ කොළඹ මේ තරම් සුන්දර නගරයක්‌ කිරීමට ජනාධිපති, ආරක්‍ෂක ලේකම් නාගරික සංවර්ධන අමාත්‍යාංශය විශාල වැඩකොටසක්‌ කළා. ඒ සඳහා නගර සභාවද සහාය ලබාදීම තුළින් කොළඹ නගරය සුන්දර නගරයක්‌ ලෙස ජනතාවට භුක්‌ති විදින්න පුළුවන්කම ඇතිවී තිබෙනවා.

මම එක්‌සත් ජාතික පාක්‍ෂිකයෙක්‌ වුවත් මම රජයෙන් සංවිධානය කරන උත්සවවලට සහභාගී වනවා. ඒ සහභාගී වන්නේ නගරාධිපති කියන නිලයේ සිටයි.

විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාවත් මම සහභාගී වන උත්සව පිළිබඳව දැනුවත් කරනවා. අපි පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් එක්‌වී කරන සේවය ලැබෙන්නේ ජනතාවටයි. ඒ බව අපි පක්‍ෂ විපක්‍ෂ බේදයකින් තොරව තේරුම් ගත යුතුයි.

කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂ නායක අජන්ත ලියනගේ මහතා අදහස්‌ දක්‌වමින් කියා සිටියේ කොළඹ නගර සභාව එක්‌සත් ජාතික පක්‍ෂ පාලනයේ තිබුණද රජය කොළඹ නගරය තුළ කරගෙන ගිය සංවර්ධන කටයුතුවලට සහායදීමට කෘතගුණ පළකිරීමක්‌ ලෙස අයවැයට සහාය පළ කළ බවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා නියෝජ්‍ය නගරාධිපති යූ. ටයිටස්‌ පෙරේරා, නාගරික මන්ත්‍රීවරුන් වන ටෝනි රම්සි, රෝයි බෝගහවත්ත ඇතුළු මන්ත්‍රීවරුන් රැසක්‌ සහභාගි වී සිටියහ.චීනයේ ද ට්‍රැවල් රූපවාහිනිය සමග අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු දෙරටේ නියෝජිතයන් අතට අත දී සුහදතාව පළ කළ අයුරු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.