අයවැය පැරදවූ ශ්‍රීලනිප මන්ත්‍රීන්ගෙන්
නිදහසට කරුණු අසයි

අනුර බාලසූරිය

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමට ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධව විනය පරීක්‍ෂණ ආරම්භ කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඊයේම (19 දා) පියවර ගෙන තිබිණි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18 දා) රැස්‌වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කිරීමට ඡන්දය දුන් සියලු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් දැනට සිටින තනතුරුවලින් නෙරපා හැරීමටත් තීරණය කළ බව පක්‍ෂ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටී.

එමෙන්ම සන්ධානයේ තීරණයට අනුව අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ කිසිවකු පළාත් පාලන අංශවල තනතුරු සඳහා මින්පසු පත් නොකරන බව සඳහන් කරන පක්‍ෂ ලේකම්වරයා දෙවරක්‌ අයවැය පරාජය වූ පළාත් පාලන ආයතනවල සභාපති ධුර පිරවීමේදී අයවැයට පක්‍ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගෙන් පමණක්‌ කෙනකු පත්කර ගැනීමට තීරණය කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.