පාර්ලිමේන්තු විශේෂ කාරක සභා
කාලය තවත් මාස 6 කින් දික්‌ කෙරේ


අජිත් අලහකෝන් - අකිත පෙරේරා

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්‌ ගෙන ඒමට නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය ලබන ජුනි මස 21 දා දක්‌වා තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ඊයේ (19 වැනිදා) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.

ඊට අදාළ යෝජනාව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජාතික ප්‍රශ්නයට දේශපාලන හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථානුකූල පියවර නිර්දේශ කිරීම සඳහා පසුගිය ජුනි 21 දා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය හෙට (21 වැනිදා) අවසන් වීමට නියමිතව තිබිණි.

එහෙත් එම කාලය තුළ සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාවට නොහැකි වූ නිසා එහි කාලය තවත් මාස හයකින් දීර්ඝ කරන්නැයි සභානායකවරයා මෙසේ යෝජනා කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.