කෝටිපති වතු අධිපති අබිරහස්‌ ලෙස මියගිහින්

මීගමුව සමූහ - විමල් කීර්ති

කෝටිපති ව්‍යාපාරිකයකු වූ මීගමුව කදිරාන ගෝල්ඩන් හෙවන් වතුයාය අධිපති අබිරහස්‌ ලෙස මියයැම සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

මෙලෙස අබිරහස්‌ ලෙස මරුමුවට පත්ව ඇත්තේ මීගමුව කදිරානේ පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිගේ නවරත්න නමැති 72 හැවිරිදි දෙදරු පියෙකි.

මොහු පෙරේදා (18 වැනිදා) සවස ඔහුගේ නිවසට ආසන්න වතුයායේ මියගොස්‌ සිටියදී සොයාගෙන ඇත.

මෙහි පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව හදිසි මරණ පරීක්‍ෂක දේශකීර්ති වෛද්‍ය සිරිජයන්ත වික්‍රමරත්න මහතා විසින් පවත්වන ලදී.

මෙහිදී සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී එම ව්‍යාපාරිකයාගේ උදරය සහ පපු ප්‍රදේශය තදබල තැල්මකට ලක්‌ව ඇති බව අනාවරණය වී තිබේ.

එA අනුව හදිසි මරණ පරීක්‍ෂක සිරිජයන්ත වික්‍රමරත්න මහතා එම මරණය සැක කටයුතු මරණයක්‌ බැවින් එහි විමර්ශන කටයුතු කිරීමට මීගමුව පොලිසියට නියෝග කර ඇත.

මීගමුව සහකාර පොලිස්‌ අධිකාරි û අරුණ ප්‍රේමශාන්ත, මීගමුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ගාමිණි හල්ලව යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන කටයුතු අරඹා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.