නදීශා හේමමාලි එජාපයෙන් තරග කරන්න අයෑදුම් කරයි

අකිත පෙරේරා

සිනමා සහ ටෙලිනාට්‍ය නිළි නදීශා හේමමාලි මෙනවිය එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා එම පක්‍ෂයට අයෑදුම්පතක්‌ ඉදිරිපත් කර ඇත.

ඇය ඊයේ (19 දා) එජාපයේ ජ්‍යෙෂ්ඨයකු හමුවී සිය ඉල්ලුම්පත භාරදී ඇති අතර සිය පවුලේ දේශපාලන මතය අනුව එජාපය යටතේ දකුණු පළාත් සභාවට තරග කිරීමට අදහස්‌ කරන බවද ඈ "දිවයින"ට පැවසුවාය.

නදීශා හේමමාලි මෙනවියගේ අයෑදුම එජාප නාම යෝජනා මණ්‌ඩලය සැලකිල්ලට ගන්නා බව එජාප ජ්‍යෙෂ්ඨයෙක්‌ "දිවයින"ට කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.