හොරණ රෝහලේ සේලයින් බටයක කෙස්‌ ගසක්‌ වැනි යමක්‌

හොරණ මූලික රෝහලේ රෝගීන් සඳහා භාවිතා කරන සේලයින් බටයක කළු පැහැති හිසකෙස්‌ ගසක්‌ වැනි අපද්‍රව්‍යයක්‌ තිබී හමුවී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

වාට්‌ටු අංක 4 දී පෙරේදා (18 වැනිදා) මෙම සේලයින් බටය හමුවී ඇති අතර මේ පිළිබඳව රෝහල් පාලනාධිකාරියට පැමිණිලි කිරීමෙන් පසු මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

මෙම සේලයින් දෙන උපකරණ ගෙන්වා ඇත්තේ ඉන්දියානු සමාගමකින් වන අතර ඒවා 2016 ජුලි මාසයේදී කල් ඉකුත් වීමට නියමිතය.

මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසත් මෙම භාණ්‌ඩ සහිත උපකරණ භාවිතා කිරීම රට පුරා රෝහල්වල තාවකාලිකව නතර කරන ලෙසත් සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.