සජිත් දකුණේ මහ ඇමැති තරගයට එනවානම් මමත් බස්‌නාහිර පළාතට තරග කරනවා
- රවි කරුණානායක (එජාප)

අකිත පෙරේරා

සජිත් ප්‍රේමදාස මහතා දකුණු පළාත් සභාවේ මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ නම් තමන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වී බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට තරග කිරීමට සූදානම් යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඊයේ (19 වැනිදා) පැවසීය.

එජාපය කෙරෙහි නැතිව තිබූ විශ්වාසය ජනතාවට නැවතත් ඇතිවෙමින් තිබෙන බවත් වෙනස්‌ ආකාරයට සිතන වෙනස්‌ මත දැරූ සජිත් ප්‍රේමදාස මහතාට තමන් කියා සිටින්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත දකුණු හා බස්‌නාහිර පළාත් සභා මැතිවරණයේදී එකට අත්වැල් බැඳගෙන වැඩ කරමු කියා යෑයි ද හෙතෙම කීය.

එවැනි කැපකිරීමක්‌ කිරීම මගින් යම් වෙනසක්‌ කිරීමට හැකිවනු ඇතැයි තමා සිතන බවත් ජාත්‍යන්තර සහයෝගයත් ලබාගෙන කිසිවකුට දණ නොනමන යුගයක්‌ ඇති කිරීමට හැකි බවත් හෙතෙම කියා සිටියේය.

සිරිකොතදී ඊයේ (19 වැනිදා) පැවති එජාප මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.