ශ්‍රීපාද ස්‌ථානයට නව දොළොස්‌ මහේ පහනක්‌

ශ්‍රීපාද ස්‌ථානයේ නව ශෛලමය දොළොස්‌ මහේ පහනක්‌ තැන්පත් කිරීමට ශ්‍රීපාද ස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ තීරණය කර සිටිති.

මේ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම නව ශෛලමය දොළොස්‌ මහේ පහන මහ මළුව වෙත ගෙන යැමට නියමිතය.

මීට අමතරව ශ්‍රී පාද ස්‌ථානයේ නව ඝණ්‌ඨාර කුලුනක්‌ද ඉදිකිරීමට ධම්මදින්න නාහිමියන් තීරණය කර ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.