බැකෝ යන්ත්‍රයට යටවී වැඩබිමේ සේවකයා මරුට්‌

නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන

තිරිවානකැටිය කලවාන පාරේ ඉදිකිරීම් කටයුතු කරන චීන සමාගමට අයත් බැව් කියන බැකෝ යන්ත්‍රයකට යටවීමෙන් ඊයේ (19 දා) සවස වැඩබිමේ සේවකයකු වූ පුද්ගලයෙක්‌ එම ස්‌ථානයේදී මරණයට පත් විය.

උඩකරවිට ඉසිපතනාරාම විහාරස්‌ථානය අසලදී මෙම අනතුර සිදුවන විට එම වැඩ බිමේ සේවකයා එහි මාර්ගයේ පිටුපස සිට ඇත. පිටුපසට පැමිණි මෙම යන්ත්‍රයට එකවර ඔහු යටවී තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නිවිතිගල වතුපිටිය පදිංචි යාපා වීරරත්න නමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.

මෘත ශරීරය නිවිතිගල වතුපිටිය රෝහලට ගෙනවිත් ඇති අතර මරණ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

බැකෝ යන්ත්‍රයේ රියෑදුරු හා අනිකුත් නිලධාරීන් එම ස්‌ථානයෙන් පැනගොස්‌ ඇති බැව් වාර්තා වෙයි.

නිවිතිගල පොලිසිය වැඩි දුර පරීක්‍ෂණ මෙහෙයවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.