බස්‌ රියෑදුරෝ දෙදෙනෙක්‌ කඩුගන්නාවේදී ගුටිකෙළියක

කඩුගන්නාව - එන්. එස්‌. බී. එගොඩවිට

පෞද්ගලික බස්‌ රථයක රියෑදුරකු සහ ලංගම බස්‌ රථයක රියෑදුරකු කඩුගන්නාව නගරයේදී ඊයේ (19 වැනිදා) ගුටිබැට හුවමාරුවක නිරතවීම නිසා කඩුගන්නාව පොලිසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මහනුවර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ සිට කොළඹ දක්‌වා ධාවනය වූ පෞද්ගලික බස්‌ රථයක රියෑදුරකු හා නුවරඑළිය සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්‌ රථයක රියෑදුරකු බව පොලිසිය පවසයි.

බස්‌ රථ තැනින් තැන නතර කර මගීන් ගොඩකර ගැනීමේදී ඇතිවූ තරගයක්‌ නිසා මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය කියයි. කඩුගන්නාව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිමල් චන්ද්‍රසිරි මහතා හා පොලිස්‌ පරීක්‍ෂක දිසානායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ සිදුකරති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.