ප්‍රදීප් නඩුව මාර්තු 19 වැනිදා

සමන්ත ඉලේපෙරුම

නීති විරෝධී ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් යොදා ගනිමින් ද µsනෑන්ස්‌ සමාගමේ කොටස්‌ මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඊයේ (19 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හමුවේ තමා නිවැරැදිකරු බව කියා සිටියේය.

අනතුරුව විත්තිකාර හිටපු සභාපතිවරයාට එරෙහිව නඩුව ලබන වර්ෂයේ මාර්තු 19 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කළේය. නඩුවේ හත්වන සාක්‌කිකාර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි හෙන්නායක මුදියන්සේලාගේ බණ්‌ඩාර හෙන්නායක මහතාට එදිනට පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද නියෝග කෙරිණි.

1 වැනි විත්තිකරුට බාර දුන් චෝදනා පත්‍රයේ ඇතුළත් චෝදනා සංඛ්‍යාව 09 කි.

ඊළඟ නඩු දිනයේදී එම චෝදනාවලට මූලික විරෝධයක්‌ මතු කරන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ සාලිය පීරිස්‌ මහතා කීවේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.