ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සංගමය උද්ඝෝෂණයේ

කොළඹ පදික වෙළෙඳුන්, ත්‍රිරෝද රථ රියෑදුරන් හා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධානය පෙරේදා (18 වැනිදා) කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා ඇතුළු පිරිසක්‌ අයථා ලෙස වෙළෙඳුන්ගෙන් මුදල් එකතු කරන බවට චෝදනා කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

එම චෝදනාවට එරෙහිව ඊයේ (19 වැනිදා) ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා ඇතුළු එම සංවිධානයේ පිරිස උද්ඝෝෂණයක නිරතවූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

මෙහිදී ඔවුන් කියා සිටියේ පිරිත් නූල් බඳිමින් මුදල් එකතු කිරීමේ කටයුත්ත වහා නතර කරන ලෙස ඊට අදාළ ස්‌වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බවයි.

ඡායාරූපය - ගාමිණී මුණසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.