බූරු පිටිය වැටලීමට ගිය පොලිස්‌ නිලධාරීන්ට
නිරුවත පෙන්වූ කතුන් තිදෙනා ඇතුළු පස්‌දෙනාට ඇප

මීගමුව සමූහ - විමල් කීර්ති

ජාඇල දඬුගම පිsහිටි සුපිරි බූරු පිටියක්‌ වැටලීමට ගිය පෑලියගොඩ විශේෂ දූෂණ මර්දන ඒකකයේ පොලිස්‌ නිලධාරීන්ට වැටලීමට බාධා කරමින් 'හූ' කියමින් නිරුවතින් යකා නටා රිමාන්ඩ්භාරයේ පසු වූ කාන්තාවන් තිදෙනකු සහ පිරිමින් පස්‌දෙනකු රුපියල් 5000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙක බැගින් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

ඇප මත නිදහස්‌ වූ සැකකරුවන් වූයේ ජාඇල දඬුගම කිඳගොඩ සහ මහියංගනයේ පදිංචි බී. ඒ. සුනේත්‍රා රොද්රිගු, එස්‌. ඒ. ශාලිකා, එස්‌. ඒ. ගයානි නදීෂා, ගයාන් දනුෂ්ක ප්‍රනාන්දු, ඩී. සුජීව, ඒ සුනිල් ජයරත්න, නිරෝෂන් අසේල ප්‍රනාන්දු සහ නිලංක කුමාර නමැත්තන් ය.

මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ ජාඇල පොලිසිය අධිකරණය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙම වැටලීම මෙහෙයවා ඇත්තේ පෑලියගොඩ විශේෂ දූෂණ මර්දන ඒකකයේ උප පොලිස්‌ පරීක්‍ෂක මහවත්ත මහතා විසිනි. වැටලීම සිදුකළ අවස්‌ථාවේදී එම සූදුපිටිය මෙහෙයවූ බව කියන සුනේත්‍රා රොද්රිගු, ඒ. ශාලිකා සහ ඒ. ගයානි නදීෂා යන මව සහ දියණියන් දෙදෙනා සහ සූදු පිටියේ සිටි සෙසු සැකකරුවන් පස්‌දෙනා සිය ඇඳුම් උනා දමා 'හූ' කියමින් නිරුවතින් අමුතු නැටුමක්‌ පටන් ගත් බව පැමිණිලලේ සඳහන් වේ. එම අවස්‌ථාවේ පුදුමයට සහ වික්‍ෂිප්තභාවයට පත් වු එම පොලිස්‌ නිලධාරීන් ඒ බව වහා ජාඇල පොලිස්‌ ස්‌ථානයට දැනුම් දී ඇත. එම අවස්‌ථාවේ ජාඇල පොලිසියේ පොලිස්‌ නිලධාරීන් සහ කාන්තා පොලිස්‌ නිලධාරිනියන් පිරිසක්‌ සමඟ වහා සූදුපිටියට පැමිණ ඇත. ඒ වන විට මෙම අපූරු නිරුවත් නැටුම පිළිබඳව කන වැටීමෙන් එම සූදු පිටිය වටා පුද්ගලයන් දහසක්‌ පමණ එක්‌ රොක්‌ වූ බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට පැමිණි කාන්තා පොලිස්‌ නිලධාරිනියන්ගේ ඇඟට පැන ඔවුන්ගේ අත් සපා කෑ සැකකාරියන් පසුව අත්අඩංගුවට ගෙන ඇත. ජාඇල පොලිසිය පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ වෙනුර ගුණවර්ධන, ඉන්දික සිල්වා, ගොඩ්ප්‍රි කුරේ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක්‌ පෙනී සිටියහ. වැඩිදුර විභාගය 2014 ජනවාරි මස 5 වැනි දින පැවැත්වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.