යාල මායිමේ නිවෙසක අඩි 6 ක්‌ දිග ඇත් දළ ජෝඩුවක්‌

චමින්ද සිල්වා

යාල ජාතික උද්‍යාන මායිමේ යෝධ කණ්‌ඩිය උස්‌සකන්දර ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ අඩි 6 ක්‌ පමණ දිග ඇත් දළ යුගලක්‌ වනජීවී නිලධාරීන් විසින් පෙරේදා (18 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකරන අවස්‌ථාවේදී සැකකරු පලාගොස්‌ ඇති අතර ඇත් දළ යුගළ වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.

දකුණු වනජීවී සහකාර අධ්‍යක්‍ෂ අයි. එච්. සිසිර කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ යාල ජාතික උද්‍යානයේ වනසත්ව අඩවි ආරක්‍ෂක රංජිත් සිසිර කුමාර, එම්. එම්. ජී. ප්‍රේමදාස, වන සත්ත්ව නියාමක අත්තනායක යන නිලධාරීන් විසින් වැටලීම සිදුකරනු ලැබ ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.