දෙවැනි එක්‌දින තරගය අද
පිතිකරුවන්ගේ දක්‍ෂතා ගැන සතුටු වියහැකියි
- මැතිව්ස්‌

පන්දු යෑවීම පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයි
- මිස්‌බා

පාකිස්‌තානය සමග පැවැති පළමු එක්‌දින තරගය පරාජයට පත් වුවද, පිතිකරණයේදී ක්‍රීඩකයන් දක්‌වන ලද දක්‍ෂතා සම්බන්ධව සතුටට පත්විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සඳහන් කරයි.

තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා (19 දා) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකාව පාකිස්‌තානය හමුවේ ලකුණු 11 ක පරාජයක්‌ ලද අතර එම තරගාවසානයේදී මැතිව්ස්‌ ඉහත අදහස්‌ පළ කර සිටියේය.

'මේ තරගය ඉතාම විශිෂ්ඨ තරගයක්‌ වූ බවට ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. විශේෂයෙන්ම සික්‌කුගේ සහ සේනානායක පන්දුවට පහරදීමේදී දක්‌වන ලද දක්‍ෂතා පිළිබඳව. එය ඉතාමත් සටන්කාමී සම්බන්ධතාවක්‌. කොහොම වුණත් අපේ පිතිකරුවන් මේ තරගයේදී දක්‌වන ලද දක්‍ෂතා පිළිබඳව සතුටට පත්වෙනවා' යනුවෙන් මැතිව්ස්‌ සඳහන් කරයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 323 ක ඉලක්‌කයක්‌ හඹා යැමේදී 42 වැනි පන්දුවාරය වන විට පළමු කඩුලූ 7 ලකුණු 221 කදී බිඳ වැටුණි. එහෙත් අට වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා ගත ලකුණු 87 ක සම්බන්ධතාවක්‌ පැවැත්වීමට සචිත්‍ර සේනානායක සහ සික්‌කුගේ ප්‍රසන්න දෙදෙනා සමත්වීම මත තරගයේ අවසන් පන්දුවාරය වන විට ජයග්‍රාහී ඉලක්‌කය ලකුණු 15 දක්‌වා අඩු අගයකට රැගෙන ඒමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

එහෙත් අවසන් පන්දුවාරයට පෙර පන්දු වාරයේදී සේනානායකද අවසන් පන්දුවාරයේදී අනවශ්‍ය දුවද්දී දැවී යැමකට හසුව ලසිත් මාලිංග දැවී යැම මත එම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකාවට තිබූ අවස්‌ථාව ගිලිහී ගියේය.

පන්දු 52 කදී වාර්තා වූ අදාළ සම්බන්ධතාවේදී සේනානායක පන්දු 24 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 7 ක්‌ද සමග ලකුණු 42 ක්‌ද ප්‍රසන්න පන්දු 25 කදී හයේ පහර 3 ක්‌ සහ හතරේ පහර 4 ක්‌ සමග ලකුණු 42 ක්‌ද වාර්තා කළහ.

මේ අතර තරග ජයග්‍රහණය පිළිබඳ අදහස්‌ දක්‌වා ඇති පාකිස්‌තානු නායක මිස්‌බා උල් හක්‌, දැඩි සටනක්‌ දීමකින් පසු මෙම තරගය ජය ගැනීමට හැකි වුණු බවයි.

මෙහිදී කණ්‌ඩායමේ පන්දු යවන්නන්ගේ පන්දු යෑවීම පිළිබඳව කිසිවිටෙකත් සෑහීමකට පත්විය නොහැකි බව පෙන්වා දෙන මිස්‌බා, එය වැඩි දියුණු කරගත යුතු වන බවයි.

පාකිස්‌තානු පිල වෙනුවෙන් පන්දු 129 කදී හයේ පහර 4 ක්‌ සහ හතරේ පහර 7 ක්‌ සමගින් ලකුණු 122 ක්‌ රැස්‌ කරන ලද මොහොමඩ් හµSස්‌ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්‌දින තරගය අද (20 දා) ඩුබායිහිදී පැවැත්වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.