පාපැදි සභාපති ධුරයට
කේ.පී.පී. පතිරණ පත්වෙයි


දීර්ඝ කාලයක්‌ අතුරු කමිටුවක්‌ ලෙස පැවති ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ස්‌ථාපිත කිරීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයෙන් ඊයේ (19 දා) පැවැති පාපැදි නිලවරණයේදී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන කේ. පී. පී. පතිරණ මහතා වැඩි ඡන්ද 18 කින් එහි සභාපති ධුරයට තේරී පත් විය.

ආදාළ තනතුර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම පාපැදි ශූරයකු මෙන්ම ජාත්‍යන්තර පාපැදි තරග තීරකවරයකු වන එන්. කරුණාරත්න මහතා ද තරග වැදුණු අතර ඔහුට ඡන්ද 51 ක්‌ හිමි වීම නිසා හෙතෙම පරාජය විය. නව සභාපති පතිරණ මහතාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 69 කි.

පාපැදි සම්මේලනයේ නව නිලධාරී මණ්‌ඩලය මෙසේය.

සභාපති - කේ. පී. පී. පතිරණ මහතා.

උප සභාපතිවරු (7 යි) නිලන්ත ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් රවි මායාදුන්නේ, ලලිත් අනුරුද්ධ ජයසිංහ, චන්දන නලින් රත්නායක, සුලලිත සිල්වා, ඊ. එම්. දිසානායක සහ උෂාන් කෝදාගොඩ යන මහත්වරු.

ලේකම් - සුජීවන් සේනාරත්න මහතා

උප ලේකම් - වසන්තා කහපොල ආරච්චි මහත්මිය,

භාණ්‌ඩාගාරික - සුනිල් බණ්‌ඩාර මහතා සුසිල්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.