ඉන්දියා - දකුණු අප්‍රිකා පළමු ටෙස්‌ට්‌ තරගය
දෙවැනි දිනයේදී කඩුලු 11 ක්‌ බිඳෙයි


සංචාරක ඉන්දීය කණ්‌ඩායම සහ දකුණු අප්‍රිsකාව අතර ජොහැන්ස්‌බර්ග්හී පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරග කිරීම අවසන් කරන විට සිය ප්‍රථම ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 06 ක්‌ දැවී ලකුණු 213 ක්‌ ලබා සිටියේය.

ඒ අනුව ඉන්දියාවට වඩා ප්‍රථම ඉනිමේ තවත් ලකුණු 67 ක්‌ පසුපසින් සිටිමින් අද තරගය අරඹනු ඇත.

ඉන්දීය ප්‍රථම ඉනිමේ ලකුණු 255 ට කඩුලු 5 ක්‌ බිඳ වැටී තිබියදී ඊයේ දිනයේ තරගය ඇරඹුණි. එහෙත් ඊයේ ඉන්දීය ඉනිමට තවත් ලකුණු 25 ක්‌ එකතුවන අතරවාරයේ අවසන් කඩුලු 5 ම බිඳ වැටුණි.

අනතුරුව ඇරඹුණු දකුණු අප්‍රිකානු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සබඳතාවක්‌ පැවැත්වීමට නායක ග්‍රෑම් ස්‌මිත් සහ හෂීම් අම්ලා සමත් වුවද තේ පානයෙන් පසු තරගය ඇරඹී නොබෝ වේලාවකින් තවත් කඩුලු 3 ක්‌ බිඳවැටුණි. ඉන් කඩුලු 2 ක්‌ ඉෂාන්ත් ෂර්මා විසින් දවාගත් අතර එම කඩුලු 3 ම දැවීගියේ මුළු ලකුණු සංHdව 130 දී වීම විශේෂත්වයක්‌ විය. මොහොමඩ් සාමිගේ පන්දු ඉදිරියේ තවත් කඩලු 2 ක්‌ බිඳවැටීමත් සමග ලකුණු 146 කට කඩුලු 6 ක්‌ බිඳ වැටී දකුණු අප්‍රිකාව දැඩි පීඩනයකට ලක්‌විය. නමුත් වර්නන් පිලෙන්ඩර් සහ ඩූ ප්ලෙසී අතර 7වැනි කඩුල්ලේ අඛණ්‌aඩ ලකුණු 67ක සම්බන්ධතාව දකුණු අප්‍රිකාවට සැනසීමක්‌ විය.

පන්දු යවන්නන්ගේ දිනයක්‌ වූ ඊයේ දිනය තුළ පමණක්‌ දැවී ගිය කඩුලු සංඛ්‍යාව 11 ක්‌ වුණි.

ලකුණු සටහන

ඉන්දියාව - පළමු ඉනිම - පන්දුවාර 103 කදී සියලුදෙනා දැවී ලකුණු 280 යි.

(චෙට්‌ස්‌වර් පුජාරා 25, විරාත් කෝලි 119, අර්න්ඛ්‍යා රහනේ 47, µsලෙන්ඩර් 61/4, මෝකල් 34/3)

දකුණු අප්‍රිsකාව පළමු ඉනිම- පන්දුවාර 66 කදී කඩුලු 06 ක්‌ දැවී ලකුණු 213 යි

(ග්‍රේම් ස්‌මිත් 68, හෂීම් අම්ලා 36, වර්නන් පිලෙන්ඩර් නොදැවී 48, මොහොමඩ් සාමි 48/2, ඉෂාන්ත් ෂර්මා 64/3)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.