හම්බන්තොට බීච් වොලිබොල් ශූරතාවට අයෑඳුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, හම්බන්තොට ක්‍රීඩා සමාජය සමඟ ඒකාබද්ධව 'ශ්‍රී ලංකා හියුමන් කැපිටල් සොලියුෂන්' ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරනු ලබන ආරාධිත බීච් වොලිබොල් තරගාවලිය මෙම 29 සහ 30 දෙදින හම්බන්තොට වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය.

කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම තරග පැවැත්වෙන මෙම තරගාවලිය 2014 පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගීකරවීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගැනීමේ තරගමාලාවක්‌ වශයෙන්ද වැදගත් වන බව ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනය නිවේදනය කර සිටියි.

තරගාවලිය සඳහා අයෑඳුම්පත් මෙම 23 දිනට ප්‍රථම zප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය, අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්‌වත්ත, බත්තරමුල්ල යන ලිපිනයට තැපැල් මගින් හෝ µeක්‌ස්‌ අංක 0112864137 ඔස්‌සේ යොමුකළ හැක.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.