පාරිභෝගික සේවාව වර්ධනය කිරීම
උදෙසා ජෝරඡ් ස්‌ටුවර්ට්‌

- ෆිනෑන්ස්‌ පීඑල්සී හි ගම්පහ ශාඛාව නව ස්‌ථානයකට

ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා නව ශාඛාව විවෘත කළ අයුරු ජෝර්ඡ් ස්‌ටුවර්ට්‌ මූල්‍ය ෆිනෑන්ස්‌ පීඑල්සී හි සභාපති ඊස්‌මන් නාරංගොඩ මහතා සහ ජෝරඡ් ස්‌ටුර්ට්‌ ෆිනෑන්ස්‌ පීඑල්සී හි විධායක අධ්‍යක්‌ෂ, උදිත රණවීර මහතාද ඡායාරූපයේ සිටී.

ජෝර්ඡ් ස්‌ටුවර්ට්‌ ෆිනෑන්ස්‌ පීඑල්සී සතුව ගම්පහ දිස්‌ත්‍රික්‌කය තුළ සිටින පාරිභෝගිකයින් ප්‍රමාණය වර්ධනය වීම හමුවේ ඔවුන්ට ඉහළ සේවාවක්‌ සැලසීම සඳහා වඩා ඉඩ පහසුකම් සහිත ස්‌ථානයක සිය ශාඛාව පිහිටුවීමට එම සමාගම කටයුතු කරන ලදී. ජෝර්ඡ් ස්‌ටුවර්ට්‌ ෆිනෑන්ස්‌ පීඑල්සී හි ගම්පහ ශාඛාව 2010 වසරේදී ආරම්භ කළ අතර සමාගම විසින් ලබාදෙන ඉහළ ගුණාත්මක තත්ත්වයේ සේවාව හා ප්‍රදේශය තුළ තිබෙන ඉහළ ව්‍යාපාරික අවස්‌ථාව හමුවේ පාරිභෝගිකයන් ප්‍රමාණය දිනෙන් දිනම වර්ධනය විය.

සමාගමේ ගම්පහ ශාඛාව අලුතින් පිහිටවූ ස්‌ථානයේ ලිපිනය නොම්මර 35 ඒ, මේරි බිසෝ මාවත, ගම්පහ වන අතර ජෝර්ඡ් ස්‌ටුවර්ට්‌ ෆිනෑන්ස්‌ පීඑල්සී හි සභාපති, ඊස්‌මන් නාරංගොඩ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වී මෙම ස්‌ථානය විවෘත කළේය. මෙම අවස්‌ථාවට සමාගමේ අධ්‍යක්‌ෂවරුන්, අනිකුත් කළමනාකාරීත්වය, කාර්ය මණ්‌aඩලය. පරිභෝගිකයින්, ඇතුළු සම්භාවනීය පිරිසක්‌ සහභාගි විය. රථ වාහන වැඩි ප්‍රමාණයක්‌ ගාල් කිරීමට අවශ්‍ය වන ඉඩ පහසුකම්වලින් යුතුවීම මෙම නව ස්‌ථානය සතුවන විශේෂත්වයකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.