'HNB One' කාඩ්පත හඳුන්වා දෙයි



හැටන් නැෂනල් බැංකුව, සෝනි ෂෙලිකා සමාගම, භාරතී එයාටෙල් සමාගම, ස්‌ටාට්‌ මෙට්‌රෝ සමාගම, මාතර මාර්ගස්‌ථ මගී ප්‍රවාහන සමාගම යන සමාගම් සමග එක්‌ව ක්‍රියාත්මක කරන ලද NFC කාඩ්පත හඳුන්වාදීම ඊයේ (19 දා) හැටන් නැෂනල් බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. බැංකු ක්‍ෂේත්‍රය තුළ මුල්ම හඳුන්වාදීම හැටන් නැෂනල් බැංකුව විසින් ක්‍රියාත්මක වූ අතර ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක්‌ව ඇත. ඒ අනුව ඉදිරියේදී මාර්ගස්‌ථ මගී ප්‍රවාහනය තුළින්ද මුදල් පරිහරණයෙන් තොරව විද්යුත් තාක්‌ෂණික යන්ත්‍රය ආධාරයෙන් බස්‌ රථවලටද ක්‍රියාත්මක වීමට නියමිතය. මෙහිදී හඳුන්වා දුන් NFC කාඩ්පත තුළින් බැංකු ගනුදෙනුකරුවන් හට සියලු කාර්යයන් එකම කාඩ්පතක්‌ තුළින් කරගත හැකි අතර මෙය ජාත්‍යන්තරව ද භාවිත කිරීමට හැකියාව ඇත.

NFC කාඩ්පත හඳුන්වා දුන් අයුරු සහ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ජොනතන් අලස්‌, එයාටෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුරේන් ගුණවර්ධන, හැටන් නැෂනල් බැංකුවේ කාඩ්පත් සහ විද්යුත් බෙදාහැරීම් විකාශනයේ ප්‍රධාන කළමනාකරු මංගල වික්‍රමසිංහ, එයාටෙල් සමාගමේ නියෝජ්‍ය කළමනාකරු ඉඳුනිල් ප්‍රනාන්දු, මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි දිල්ශාන් රොද්‍රිගෝ, ස්‌මාට්‌ මෙට්‌රෝ සමාගමේ අධ්‍යක්‍ෂ දිල්ශාන් ගුණසේකර, එම සමාගමේ අධ්‍යක්‍ෂ සජීව හැන්දෙවිතාරණ යන මහත්වරුද ඡායාරූපයේ සිටී.

සටහන හා ඡායාරූප - සුජාතා ජයරත්න
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.