එස්‌ටීඑෆ් සෙබළු රළ පහරට
ගසාගෙන ගිය වෛද්‍යවරිය බේරා ගනිති


දඩයම්තලාව පී. ජයසිංහ

පොතුවිල් පොලිස්‌ බල ප්‍රදේශයේ අරුගම්බේ මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරියක්‌ දිය රළට ගසා යමින් සිටියදී අරුගම්බේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ විසින් බේරාගත් බව පොලිසිය කියයි.

මෙසේ බේරාගත් වෛද්‍යවරිය 28 හැවිරිදි අයෙක්‌ බවත් කණ්‌ඩලම මීරිගම පදිංචි ඇය අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක්‌ බව විශේෂ කාර්ය බළකායේ උසස්‌ නිලධාරියකු පැවැසීය.

වෛද්‍යවරිය ඇතුළු කණ්‌ඩායමක්‌ අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයේ පැමිණි අතර ඔවුන් මුහුදේ දිය නාමින් සිටියදි එකවර පැමිණි රළ පහරට හසුව මීටර් 50 ක්‌ දුරක්‌ ගසාගෙන යමින් සිටියදී පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ජීවිතාරක්‌ෂක කණ්‌ඩායමේ දෙදෙනකු පැන ඇය බේරාගෙන ගොඩට ගෙනැවිත් ප්‍රථමාධාර ලබාදී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.