රෝහල වැසීමට පෙර උපදෙස්‌ ගත්තේ නෑ

කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ

බදුරලිය රෝහල වසා දැමීමට පෙර දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරියා තමන්ගෙන් උපදෙස්‌ ලබා නොගත් බවත් මේ අන්දමින් රෝහල් වසා දැමීමට පරිපාලන නිලධාරීන් වශයෙන් තමන් කිසිම අනුමැතියක්‌ ලබානොදන බවත් කළුතර දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා "දිවයින"ට පැවැසීය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණයක්‌ අනුව මෙම රෝහල මෙසේ වසා දමා ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

තමන් බදුරලිය රෝහලට යමින් සිටින අතර ඊයේ (22දා) දහවල් බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාද බදුරලිය රෝහලට පැමිණි අතර එහිදී රෝහලේ කාර්ය මණ්‌ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමකට එළඹීමකට අදහස්‌ කරන බව පැවැසීය.

මේ රෝහල මෙසේ හිටි හැටියේ වසා දැමීමට හේතු අප විමසූ විට මේ පිළිබඳව සත්‍ය තොරතුරු තවමත් තමන්ට ලැබී නැතැයිද වෛද්‍ය උදය රත්නායක මහතා වැඩිදුරටත් පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.