බෝවන ලීස්‌මනයිසීස්‌ රෝගීන් 2000ක්‌
ගිය වසරේදී වාර්තා වෙලා තිබෙනවා


- චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මධුරසිංහ


ශරීරයේ සුව නොවන තුවාල, රතු පැහැති ගැටිති තිබේ නම් සැලකිලිමත් වන්න

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

වැලි මැස්‌සාගෙන් බෝවන රෝගයක්‌ වන ලීස්‌මනයිසීස්‌ (ඛැසියප්බස්‌sසි) රෝගය මේ වන විට හම්බන්තොට, තංගල්ල, අනුරාධපුර, පොළොන්නරුව යන ප්‍රදේශවල බහුලව පවතින බවත්, ගිය වසර (2012) තුළ මෙම ලීස්‌මනයිසීස්‌ රෝගීන් 2000 කට අධික සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇති බවත් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදුරසිංහ මහත්මිය "දිවයින"ට පැවසුවාය.

ලීස්‌මනයිසීස්‌ රෝගීන් බහුලව වාර්තා වන්නේ හම්බන්තොට, තංගල්ල, අනුරාධපුර, පො ළොන්නරුව යන ප්‍රදේශවලින් වුවත් මීට අමතරව මෙවැනි රෝගීන් දිවයින පුරාම වාර්තා වන බවද ඇය ප්‍රකාශ කළාය.

රෝග ලක්‍ෂණ වශයෙන් ශරීරයේ සුව නොවන තුවාල, රතු පැහැති ගැටිති යනාදිය තිබුණොත් වහාම ළඟම සිටින චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීමට සුදුසුයි.

දැන් මෙවැනි රෝගීන් අනුරාධපුර රෝහලට මාසයකට හැටක්‌ අසූවක්‌ විතර ප්‍රතිකාර ගන්න එනවා. මේ රෝගයට වයස්‌ බේදයක්‌ නැහැ. කුඩා දරුවාට පවා බෝවනවා. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වන්නැයිද වෛද්‍යවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.