බදුරලිය රෝහලේ  වැඩ වර්ජනයට දින තුනයි

පාලින්දනුවර - නන්දන ශ්‍රී කෝට්‌ටේගොඩ, ලත්පඳුර - පී. ඩී. ජයසිරි

බදුරලිය රජයේ රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්‌ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය දින තුනක්‌ තිස්‌සේ තවමත් පවතී.

ප්‍රදේශයේ ජනතාව විසින් මියගිය පුද්ගලයකුගේ දේහයක්‌ බව කියමින් සිදු කළ උද්ඝෝෂණය නිසා වෛද්‍යවරු  හා කාර්ය මණ්‌ඩලය අපකීර්තියට පත් කළ බව කියමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

වර්ජනය සමථයට පත් කිරීමට නම් උද්ඝෝෂකයන් සමාව ගත යුතු බවද වෛද්‍යවරු හා කාර්ය මණ්‌ඩලය නිදොස්‌ කරමින් පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කළ යුතු බවද වර්ජකයෝ ඊයේ (23 දා) පැවසූහ.

එම තීරණය ක්‍රියාත්මක නොකිරීම නිසා වර්ජනය අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන බවද ඔවුහු පවසති.

හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ හිමි, පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ, පළාත් සභා මන්ත්‍රී රංජිත් සෝමවංශ යන මහත්වරුන් විසින් වර්ජනය සමථයට පත් කිරීමට ගන්නා ලද උත්සාහය මේ නිසා ව්‍යර්ථ වී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.