තීරණය පුස්‌සක්‌ වෙයි
බදුරලිය රෝහල ඊයේත් වහලා


බදුරලිය - දයානන්ද ජයනෙත්ති, ලත්පඳුර - ජී. ඩී. ජයසිරි

අතිදුෂ්කර ප්‍රදේශ රැසක මහජනතාව සේවා ලබා ගන්නා බදුරලිය රජයේ රෝහල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලය විසින් පසුගිය 21 දා වසා දමන ලදී.

ඉන් අනතුරුව බදුරලිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ පැවැති සාකච්ඡාවකදී යළි රෝහල 23 දා විවෘත කිරීමට තීරණය වුණත් ඊයේ 24 දා වන විට රෝහල වසා දමා ඇති බව මිදලන පැණිගල අත්වැල්තොට කුඹුරුහේන, කෙළින්කන්ද, පැළෑඳ, මොරපිටිය, කපුගෙදර, කරව්ව, මෝල්කාව මාරගහදෙනිය, ලත්පඳුර, ඉලුක්‌පොත, බෙල්ලන, යකුපිටිය, වගුර, වතුරාන, අතලේපුර, හැඩිගල්ල කළුගල, ගුරුළුබැද්ද, දිග්හේන, දිගන්ත, යාල මැඩිය, වලකඩ, දෙහිපිටිය ප්‍රදේශවල මහජනතාව 'දිවයින' ට පැවැසූහ.

මේ වන විට සෞඛ්‍ය අංශ හා දේශපාලන අධිකාරිය දැනුවත් කළත් යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී නොමැති නිසා මහජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා විසඳුමක්‌ ලබා දෙන ලෙසය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.