උපත් පාලන එන්නත ගත් 24 හැවිරිදි කත මියයයි
දින 45ක දරුවෙකුත් ඉන්නවා

පුත්තලම - නලින් හෙන්දුරුගොඩ

කල්පිටිය නගරයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකින් උපත් පාලන එන්නත් ලබාගත් 24 හැවිරිදි කාන්තාවක්‌ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස්‌ ඇත.

23 දා සවස 6.30 ට පමණ මෙම කාන්තාව මෙම උපත් පාලන එන්නත ලබාගෙන සුලු වේලාවකින් සිහිසුන්වී ඇත. පසුව කල්පිටිය රෝහලට රැගෙනවිත් එතනින් පුත්තලම මූලික රෝහලට රැගෙන ආමුත් ඒ වනවිටත් මෙම කාන්තාව මිය ගොස්‌ ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඇය 1989.10.06 වැනිදා උපත ලබා ඇත. මෙම කාන්තාවට දින 45 ක පමණ කුඩා දරුවෙක්‌ සිටියි. මීට වසර 02 කට පමණ පෙර ප්‍රදේශයේ ධීවර කාර්මිකයකු සමග විවාහ වී ඇති මෙම කාන්තාව කුළුදුල් දරු ප්‍රසුතයෙන් පසුව මෙම එන්නත ලබා ගෙන තිබේ.

මිය ගිය ගෝමස්‌ මේරි නිරෝජිනිගේ දේහය පරික්‍ෂා කරල බැලූ පුත්තලම වැඩබලන මහෙස්‌ත්‍රාත් මොහොමඩ් ඉක්‌බාල් මහතා මළ සිරුර හලාවත මහ රෝහලට යවා අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා වාර්තාවක්‌ අධිකරණයට ලබා දෙන ලෙස නියෝග කළේය.

කල්පිටිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.