නවීන වෛද්‍ය උපකරණ ගැනීමට ජපානයෙන් මිලියන 520 ක ආධාර

ශ්‍යාම් නුවන් ගනේවත්ත

විශේෂයෙන්ම ආර්ථික වශයෙන් නැගීඑන ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සපයා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 520 ක ආධාර ප්‍රදානයක්‌ ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානය තීරණය කර ඇත. ජපන් යෙන් මිලියන 400 ක්‌ වන මෙම ආධාර ප්‍රදානය, ශ්‍රී ලංකාව හා ජපානය අතර පවත්නා දිගුකාලීන ආර්ථික සහයෝගිතාව වෙනුවෙන් ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී මෙම ආධාර ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම ඉකුත් 19 වැනි දින සිදුකළ අතර, ජපන් රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබෝ මහතා විසින්ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින්ද මෙම හුවමාරු පත්‍ර සඳහා අත්සන් තබනු ලැබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.