මැලේරියා රෝගියෙක්‌ නාවලපිටියෙන් හමුවේ

ගම්පොළ - සුරංග දිල්හාන්


ශ්‍රී ලංකාව තුළින් මැලේරියාව තුරන් කර ඇති පසුබිමකදී නාවලපිටිය ප්‍රදේශයෙන් මැලේරියා රෝගියකු හමු වී තිබේ.

ඒ අනුව මැලේරියා මර්දන ඒකකය මගින් මෙම රෝගියා ජීවත්ව සිටින නාවලපිටිය අඹගමුව ප්‍රදේශයේ කිලෝමීටරයක වපසරියක පදිංචි සියලුම අයගෙන් පරීක්‍ෂාව සඳහා රුධිරය ලබාගෙන ඇත.

දකුණු අප්‍රිකාවේ රැකියාවක නිරතව සිට පසුගිය මස 27 වැනි දින මෙරටට පැමිණ ඇති මොහු මීට දින කීපයකට පෙර උණ රෝගයෙන් නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහල වෙත ඇතුළත්ව තිබී ඇත. එහිදී වෛද්‍යවරුන් මොහුහට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි ප්‍රතිකාර කොට තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ සම්පූර්ණ රුධිර පරීක්‍ෂාවකදී මොහු මැලේරියා රෝගයට ගොදුරුව ඇති බව සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් කිසිවකුත් බිය වීමට අවශ්‍ය නොවන බවද මැලේරියා මර්දන ඒකකයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.