පාස්‌ අය ෆේල් ෆේල් අය පාස්‌
පරීක්‍ෂණයක්‌ කරන්නැයි
සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලයි


ඒමන්ති මාරඹේ


කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් පවත්වනු ලබන පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් වෛද්‍ය උපාධියේ සායන පරීක්‍ෂණය සඳහා මෙම වසරේ පෙනී සිටි වෛද්‍යවරුන් නව දෙනාගෙන් සමත් වූ පස්‌ දෙනකු අසමත් කර අසමත් වූ දෙදෙනකු සමත් කිරීම පිළිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වන්නැයි අසමත් කරනු ලැබූ වෛද්‍යවරු පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගෙන් ඉල්ලීම් කර තිබේ.

මේ සම්බන්ධව සාධාරණයක්‌ ඉටුකරන ලෙසට කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ජයන්ත ජයවර්ධන මහතා ඇතුළු විද්වතුන්ගෙන් තමන් කරනලද ඉල්ලීම්වලට මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයි වෛද්‍ය කේ. එච්. ඩී. මිල්රෝයි මහතා "දිවයින"ට පැවැසීය.

පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් වෛද්‍ය උපාධියේ අවසන් පරීක්‍ෂණයට පෙනී සිටි වෛද්‍යවරුන්ගෙන් අසමත් වූවන් සමත් කර සමත් වූවන් අසමත් කිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් එම සායන පරීක්‍ෂණයෙහි අධීක්‍ෂණ කටයුතු සිදුකළ වෛද්‍යවරයකුද පශ්චාත් වෛද්‍ය උපාධි ආයතන මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වී ඇති අතර එම සායන පරීක්‍ෂණය පැවැත්වූ ආකාරය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පරීක්‍ෂණ කණ්‌ඩායමද පරීක්‍ෂණයේදී අක්‍රමිකතා සිදුව ඇතැයි සිය වාර්තාවෙහි දක්‌වා ඇති බව වෛද්‍ය මිල්රෝයි කීවේය.

මෙම සායන පරීක්‍ෂණය ඉකුත් ජුලි මාසයේදී පැවැත්විණි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.