මන්ත්‍රී බැණ වැදුණැයි නුවරඑළිය රෝහලේ දොස්‌තරලා වර්ජනයේ

ඩග්ලස්‌ නානායක්‌කාර - නුවරඑළිය විශේෂ

නුවරඑළිය මහ රෝහලට පෙරේදා (26 වැනිදා) රාත්‍රි 8.00 ට පමණ පැමිණි මහනුවර ස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එහි වෛද්‍යවරයකුට බැණ වැදුණු බව කියන සිද්ධියක්‌ මත නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (27 දා) උදැසන සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රෝගාතුර වූ ඔහුගේ පුත්‍රයාට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නුවරඑළිය මහ රෝහලට පැමිණි බවත් එහිදී මෙම වෛද්‍යවරයාගෙන් සිදු වූ බව කියන පමාවීමක්‌ සම්බන්ධව මන්ත්‍රීවරයා බැණ වැදී ඇති බවත් සඳහන් වේ.

වෛද්‍ය වැඩ වැරුම සමථයකට පත් කොට රෝහල් සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට සාකච්ඡා කිහිපයක්‌ම පැවැති බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්‍ෂ අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නමක්‌ සඳහන් වී ඇතත් එය නිශ්චිත වශයෙන් සනාථ කළ නොහැකි බව ද ඒ මහතා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.