බදුරලියට වෛද්‍යවරු එති

විජයසිරි විද්‍යාසේකර - කළුතර

දින පහක්‌ තිස්‌සේ වසා දමා තිබූ බදුරලිය රෝහලේ කටයුතු ඊයේ (27) වැනිදා උදේ සිට සාමාන්‍ය පරි පවත්වාගෙන යැම සඳහා වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්‌ඩලය සේවයට වාර්තා කළ බව කළුතර ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා " වයින"ට පැවැසීය.

රෝහල යළි විවෘත කරන ලෙස ඉල්ලමින් බදුරලිය නගරයේ උපවාසයක නිරත වූ කළුතර ස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද උපවාසය අත්හළ අතර උපවාසය නිසා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඒ මහතා ප්‍රතිකාර සඳහා බදුරලිය රෝහලට ඊයේ 27 වැනිදා උදේ ඇතුළත් කරන ලදී.

අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා ඒ මහතාට බදුරලිය රෝහලෙන් ක්‍ෂණික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහරෝහලට මාරුකර යෑවූ අතර එහිදී ප්‍රතිකාර ලබා මන්ත්‍රීවරයා රෝහලෙන් පිටව ගොස්‌ ඇත.

බදුරලිය රෝහලට ඇතුළත් කළ රෝගියකුට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා රෝගියා මියගියේ යෑයි චෝදනා කරමින් පිරිසක්‌ බදුරලිය වෛද්‍ය කාර්ය මණ්‌ඩලයට එරෙහිව විරෝධතාවක නිරත වීමත් සමග රෝහල් කාර්ය මණ්‌ඩලය තමුනට නිසි ආරක්‌ෂාව නැතැයි පවසමින් සේවයට වාර්තා නොකළ අතර ඒ අනුව න පහක්‌ තිස්‌සේ රෝහල වසා දමා තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.