'ක්‍රිප්ටොකොකස්‌' කලින් හඳුනා ගැනීමේ පරීක්‍ෂණ
වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්


එච්. අයි. වී./ ඒඩ්ස්‌ රෝගීන්ට වැඩි වශයෙන් වැළඳෙන බරපතළ මස්‌තිෂ්ක පටක ප්‍රදාහ රෝගයක්‌ වන ක්‍රිප්ටොකොකස්‌ රෝගය කලින් හඳුනාගැනීමේ මිල අධික පරීක්‍ෂණය බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම පරීක්‍ෂණය බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් රජයේ රෝහල් සඳහා නොමිලයේ සිදු කර දෙනු ලබයි. මෙම වෛද්‍ය පරීක්‍ෂණය මිල අධික වන බැවින් එම පරීක්‍ෂණය සිදු කර දීමේ හැකියාව සොයා බලන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙයට පෙර බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත උපදෙස්‌ දී තිබිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.