පැනයඔබෙන්පිළිතුරඅපෙන්

වැලිවේරියේ කේ.ඩී දිසානායක


සුමනා වීරසූරිය - රඹුක්‌කන

ප්‍ර. මගේ දියණියගේ විවාහය කවදා සිදුවේද, සහකරු කෙබඳු අයෙක්‌ද?

පි. කේන්ද්‍රයක මහ දශා ශේෂය නැතිව විවාහය සිදුවන කාලය කිව නොහැකියි.

සහකරු දුර පළාතක කෙනෙකි.



එච්. එම්. කරුණා හේරත්, වාරියපොල

ප්‍ර. මගේ දියණියගේ විවාහය සිදුවන්නේ කවදාද?

පි. ඔබ එවා ඇති කේන්ද්‍ර පිටපතේ මහ දශා ශේෂය නැත. අඩු වශයෙන් උපන් දිනයවත් නැත.



එම්. ගමගේ - පැල්මඩුල්ල

ප්‍ර. මේ දරුවාගේ විවාහය කවදා සිදුවේද? යෝජනාවකින්ද? ප්‍රේම සම්බන්ධයකින්ද?

පි. 2016-05-01 ට කලින් විවාහය සිදුවෙයි.

ප්‍රේම සම්බන්ධතාවක්‌ විය හැකිය.



එස්‌. එම්. ශානිකා මධුමාලි, අඹගස්‌දොaව

ප්‍ර. මගේ අනාගතය සහ විවාහය ගැන කියන්න.

පි. ඔබ එවා ඇති කේන්ද්‍ර පිටපතේ මහ දශා ශේෂය සඳහන් කර නැත.



උපුල් පිටවල - කුරුණෑගල

ප්‍ර. මට රැකියාවේ උසස්‌ වීමක්‌ ලැබෙන්නේ කවදාද?

පි. ඔබ එවා ඇති කේන්ද්‍ර පිටපතේ මහ දශා ශේෂය සඳහන් කර නැත. දින වකවානු ගැන කිව නොහැකිය.



ඩබ්ලිව්. ආර්. නන්දසේන - රත්නපුර

ප්‍ර. මෙතෙක්‌ කළ කිසිම දෙයකින් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැත.

අනාගතය කෙසේ වේවිද?

පි. දැනට අවුරුදු 05 ක පමණ කායලක සිට ඔබට සෙනසුරු ඒරාෂ්ඨකයක්‌ බලපවත්වයි. එය තවත් අවුරුදු 02 ක්‌ පමණ ඉදිරියට ඇත. ඉන් පසුව ඔබට යහපත් කාලයක්‌ උදාවෙයි. ඉවසීමෙන් සහ නුවණින් කටයුතු කරන්න. ඒ අතර සෙනසුරාදා දිනවල නිල්මල් සහ නිල් කොඩි සමග බෝධි පූජා පවත්වන්න.

කාකනිල මැණිකක්‌ සහිත ආභරණයක්‌ පළඳන්න.



හර්ෂිකා හසිනි කෞශල්‍යා - අඟුනකොළ පැලැස්‌ස

ප්‍ර. මම පෙම් පලහිලව්වක පැටලී සිටිමි. කළ යුත්තේ කුමක්‌ද?

පි. කේන්ද්‍රය අනුවත් ඔබට එවැනි පැටලිලි සහිත විවාහයක්‌ උරුම බව පෙනේ.

ඔබේ වයස තවම අවුරුදු 21 යි. දෙන්නාම අමතක කර ටික කලක්‌ නිහඬව සිටින්න. ඔබට ඉක්‌මන් විවාහයක්‌ නැත.

පසුව පොරොන්දම් බලා විවාහයට සුදුසු සහකරුවකු තෝරගන්න.



ඇස්‌. පී. ඩබ්ලිව්. ප්‍රේමනන්ද - බලංගොඩ

ප්‍ර. මගේ ව්‍යාපාර කටයුතු පසුබෑමකට ලක්‌වී ඇත. වියදම් පක්‍ෂයද ඉහළයි මට අපල තිබේද?

පි. ඔබ වගේ සාමාන්‍ය ව්‍යාපාර කරන බොහෝ අය මේ තත්ත්වයට පත්වී සිටිනවා. වියදම කාටත් ඉහළයි. මේවා කේන්ද්‍රයේ අපල නොවෙයි.



එච්. ඒ. ඉන්ද්‍රdනි - මාකඳුර

ප්‍ර. මගේ පුතාගේ විවාහය කවදා සිදුවේද?

පි. 2014-11-16 න් පසු ඔබේ පුතාගේ විවාහය සිදුවීමට හෝ ඒ පිළිබඳව ස්‌ථිර තීරණයකට පැමිණීමට හැකිවෙයි.



ඒ. එච්. ඉන්ද්‍රdනි - ගන්දර

ප්‍ර. මගේ දරුවාගේ විවාහය කවදා සිදුවේද? අනාගතය කෙබඳුද?

පි. 2015-12-06 න් පසු දරුවාගේ විවාහය සිදුවීමට හෝ ඒ පිළිබඳ ස්‌ථිර තීරණයකට එළඹීමට හැකිවෙයි.

කේන්ද්‍රය අනුව නම් ඔහුගේ අනාගතය ගැන බියවිය යුතු නැහැ.



ඩී. ඩබ්ලිව්. වික්‍රමසිංහ - අහංගම

ප්‍ර. මගේ දියණියගේ විවාහය සිදුවන කාලය කියන්න.

සහකාරයා කෙබදු අයෙක්‌ද?

පි. 2016-07-04 ට කලින් ඔබේ දියණියගේ සිදුවීමට හෝ ඒ පිළිබඳ ස්‌ථිර තීරණයක්‌ ගැනීමට සිදුවෙයි.

සහකාරයා ව්‍යාපාරිකයෙක්‌ හෝ දේශපාලනයට සම්බන්ධ අයෙක්‌.



නයනා දමයන්ති උයන්හේවගේ - වැලිවේරිය

ප්‍ර. මගේ ඉඩම සහ ගෙය විකුණා ගන්න ලැබෙන්නේ කවදාද?

පි. ඔබට දැනට උදාවී පවතින්නේ පදිංචි ස්‌ථාන වෙනසක්‌ ඇති කරන කාලයකි. උත්සාහ කළහොත් ඉදිරි අවුරුදු දෙක ඇතුළත බලාපොරොත්තු ඉටුවෙයි.



පී. ආර්. ඉහළවිතාන, ඇල්පිටිය

ප්‍ර. මට විවාහයක්‌ සිදුවන කාලය කියන්න.

පි. ඔබ එවා ඇති කේන්ද්‍රයේ ඡායා පිටපත පැහැදිළි නැත.



කේ. එම්. සී. එන්. කුලසේකර - ගනේමුල්ල

ප්‍ර. මගේ විවාහය සිදුවන්නේ කවදාද?

පි. ඔබේ විවාහයට පැවති බලවත් අවස්‌aථා ගෙවී ගොසිනි. දැන් ගතවන්නේ විවාහයට බලවත් කාලයකි. දැන්වත් විවාහයකට උනන්දු වන්න නැතහොත් 2018 අවුරුද්ද දක්‌වා ප්‍රමාද වෙයි. පොරොන්දම් ගැලපීම අත්‍යවශ්‍යයි.



නදීශා කුමාරි - හික්‌කඩුව

ප්‍ර. මගේ විවාහය සිදුවන්නේ කවදාද? සහකරු කෙබඳු අයෙක්‌ද?

පි. ඔබේ විවාහය ප්‍රමාදයි. තව අවුරුදු 3 ක්‌ වත් ගතවෙයි. පෙම් සබඳතාවක්‌ මත විවාහය සිදුවෙයි. පොරොන්දම් ගැලපීම අත්‍යවශ්‍යයි.



අනුරාධා - රත්නපුර

ප්‍ර. මගේ දියනියගේ විවාහය සිදුවන්නේ කවදාද?

පි. 2012-11-29 සිට ඔබේ දියණියට දැනට උදාවී ඇත්තේ මංගල යෝග සාර්ථක වන කාලයකි. මේ කාලයේ ඉදිරිපත්වන යෝජනා අතරින් සුදුසු එකක්‌ ස්‌ථිර කරගන්න. පොරොන්දම් ගැලපීම අවශ්‍යයි. ඕනෑවට වඩා තෝරන්න යන්න එපා එසේ වුවහොත් තවත් ප්‍රමාද වෙයි.



කසුන් උදාර - කටුබැද්ද

ප්‍ර. මගේ විවාහය සිදුවන්නේ කවදාද?

පි. ඔබ දැනට ගත කරන්නේ රවිගේ මහ දශාවයි. 2015-07-22 දක්‌වා දැන් ගතවන කාලය තුළ ඔබේ විවාහය සිදුවීමට හෝ ඒ පිළිබඳ ස්‌ථිර තීරණයක්‌ ගැනීමට සිදුවෙයි. ඔබේ කේන්ද්‍රයේ 7 වැන්න හිමි බුද නීචයි. පොරොන්දම් ගැලපීම අනවශ්‍යයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.