ලබන වසරේ අනුරපුර රෝහලේ වකුගඩු බද්ධ සැත්කම් 100 ක්‌

සී. එම්. ආරියපාල - තඹුත්තේගම

ලබන වර්ෂයේ (2014) අනුරාධපුර ශික්‌ෂණ රෝහලේදී වකුගඩු බද්ධ කිරීම් සියයක්‌ සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව උතුරු මැද පළාත් සෞඛ්‍ය හා දේශීය අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා පැවසීය. වකුගඩු රෝගය ව්‍යාප්ත වීම සහ උතුරු මැද පළාත් සභාව විසින් ඒ ගැන ගෙන ඇති පියවර පිළිබඳව ද වසර 10 ක වකුගඩු රෝගී දත්ත ගැන ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාවට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය හා මහජන සම්බන්ධතා උසස්‌ ඩිප්ලෝමා පාඨමාලාවේ වකුගඩු රෝග ගවේෂණාත්මක වැඩසටහනට සහභාගි වූ කථිකාචාර්යවරුද මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ ජනමාධයHමහජන සම්බන්ධතා පාඨමාලාවේ සිසු සිසුවියෝද සහභාගි වූහ.

ඉදිරිපත් කළ දස වසරක වකුගඩු රෝගී දත්ත ගැන සාකච්ඡා පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ උතුරු මැද පළාත තුළ වසර 10 කදී වකුගඩු රෝගීන් 17,501 ක්‌ ලෙස හඳුනාගෙන ඇති බවයි. ඉන් මියගිය රෝගීන් ගණන 720 ක්‌ බවද වාර්තා වේ. මැදවච්චිය ප්‍රදේශයේ වකුගඩු රෝගීන් 3194 ක්‌ හඳුනා ගන්නා විට ඉපලෝගම පලාගල වැනි ගම්මානවල 100 ට අඩු පිරිසක්‌ බව වාර්තා වේ. විශේෂයෙන් කිය යුතු වන්නේ වකුගඩු රෝග දැන්වීම් කරන බොහෝ ව්‍යාපාරිකයන් ජනතාවට අනිසි බියක්‌ ඇතිකර තිබෙන බවය. එය සම්පූර්ණයෙන්ම වැරදි යෑයි ද ඇමැතිවරයා කීය.

උතුරු මැද පළාත් වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ අංශයේ ප්‍රධාන වෛද්‍ය අසංක රණසිංහ, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ඩබ්ලිව්. ඒ. කේ. විඡේසිංහ මහත්වරුද පාඨමාලාවේ සිසු දරු දැරියෝ රැසක්‌ද මෙම අවස්‌ථාවට එක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.