ගලකින් හිසට පහරදී මාමා බෑනා මරාදමයි

චමල් ජයනෙත්ති - පිළිමතලාව සහ සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර දෙල්තොට මුස්‌ලිම් ජනපද ග්‍රාමයේදී ඊයේ (29 වැනිදා) අලුයම තරුණයකුට ඔහුගේ මාමා විසින් ගලකින් හිසට පහරදී ඝාතනය කර ඇතැයි ගලහ පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ දෙල්තොට මුස්‌ලිම් ජනපදයේ පදිංචි මොහොමඩ් ෆාරුක්‌ නමැති විසිපස්‌ හැවිරිදි තරුණයෙකි.

මියගිය පුද්ගලයා සහ මාමා අතර කාලයක සිට පැවැති ආරවුලක්‌ දුරදිග යැමෙන් මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

පහරදීමට සම්බන්ධව මියගිය අයගේ මාමා ගලහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.